28.1.10

(5)

යදියෙක්මි මම
යදින්නෙමි එකම එක
නිමේෂයක් මට
වැතිර ඉන්නට ඔබ දෙපා මුල
විඳින්නට සැනසුම් සුවය
සදාකාලික පරම පිවිතුරු
නවත්වා ජීවිතය
කල්තබා සියළු දේ
මා දෝත පුරාගත්

ඉතින් නෑ මට
සැනසුමක්
සිසිලක්
එක නිසල
මොහොතක්
ඔබේ දසුනෙන් වියෝවූ සඳ
තෙරක් නැති සයුරක් තරන්නෙමි
නිමක් නැති දුක් සයුරකි දිවිය

මගේ හදවත් කවුළුවෙන්
වසන්තය එබිකම් කරයි අද
මුමුණමින් ගී ස්වර කවි පද
සුපිපි මල් ගොමු යහන් මත
පෙම් කෙලින බිඟුන්ගේ
සප්ත සර හඬ ඇසෙයි


කාලයයි මට
රැඳවෙන්න භාවනාවක
ඔබේ වත දෙස නෙත් යොමා
පිරී ඉතිරෙන නිසලතාවයෙන් සුපිපී
ගයන්නට මගේ
නිහඬ ආදර ගීය

පිදෙන්නට ඉපිලෙනා
මගේ හදවත් පියුම
පුදන්නට මට
ඔබ දෙපාමුල
තැනූ ආදර පුදසුනේ
-.-


I ask for a moment's indulgence to sit by thy side. The works that I have in hand I will finish afterwards.

Away from the sight of thy face my heart knows no rest nor respite, and my work becomes an endless toil in a shoreless sea of toil.

Today the summer has come at my window with its sighs and murmurs; and the bees are plying their minstrelsy at the court of the flowering grove.

Now it is time to sit quite, face to face with thee, and to sing dedication of live in this silent and overflowing leisure.
-

No comments:

Post a Comment