12.9.22

(43)

පතා පැතුමක් නොපැතු මොහොතක
ඔහේ එන යන මුහුණු අතරේ සැඟවිලා 
සොයා ආ මා, මගේ නිරිඳුනි
ජීවිතේ හැම නිමේෂයකම
ඔබේ නම සලකුණු වෙලා

අහම්බෙන් අද හැරී බලලා
සිඹින්නේ මම ඔබේ සුවඳයි
බිඳී විසිරුණු මතක මල් මත
හැලී වියැකුනූ කඳුළු බිඳු සේ
ජීවිතේ කෙලිලොල් වියේ

නිගාවක් වූවා නොවේවා
බිළිඳු හැසිරිලි දිළිඳු වැලි කෙළි
ලදරුවෙක් වූවා මෙමා.
තාරකාවෙන් තාරකාවට
නිනඳ දී පිලි රැව් නැගී
ඇසෙන්නේ මට ඇසෙන්නේ...
ඔබේ මිරිවැඩි හඬන හඬමයි
එදා බිළිඳෙක් සේ ඇසූ...!
 -.-
The day was when I did not keep myself in readiness for thee; and entering my heart unbidden even as one of the common crowd, unknown to me, my king, thou didst press the signet of eternity upon many a fleeting moment of my life.

And today when by chance I light upon them and see thy signature, I find they have lain scattered in the dust mixed with the memory of joys and sorrows of my trivial days forgotten.

Thou didst not turn in contempt from my childish play among dust, and the steps that I heard in my playroom are the same that are echoing from star to star.

2.9.22

(42)

අරුණල්ල මුමුණලා කීවේ
පාව යන්නයි රුවල් ඔරුවක
ඔබයි... මමයි... ඔබයි මමයි
ඔබයි මමයි විතරයි....

නිමාවක් නැති වන්දනාවක
නිම් තෙරක් නැති දිගම ගමනක
විසල් විශ්වයට රහසින්...

වෙරළ නොපෙනෙන සාගරය මැද
නිසල මදහස තවරවයි ඔබ
මහද ගී තනු පුබුදුවා
වදන් බැඳි රළු යදම් බිඳවා
නිනඳ වී ප්‍රතිරාව දී
සයුරු රළ සේ නැගි නැගී
ඉගිල යන්නට නිදහසේ

ඔබයි... මමයි... ඔබයි මමයි
ඔබයි මමයි විතරයි

ඒ මොහොත...

උදා නොවුනේ ඇයි ද තවමත්?
අවසාන නොවුනි ද ඔබේ යුතුකම් තවම ?

මෙන්න... ලා අඳුර තවරාන වුවනත
සන්ධ්‍යාව වෙරළ සිප වැතිරෙයි
විඩාපත් ලිහිණි පොදි
කැදලි සොයමින් පියඹා යති...

කවුරු දන්නේ ද
යදම් ගිලිහෙන මොහොත?
යාත්‍රාව...
සූර්යයාගේ
අවසාන මන්දස්මිතිය මෙන්
රාත්‍රියෙහි
සැඟව යන මොහොත...?
 -.-
Early in the day it was whispered that we should sail in a boat, only thou and I, and never a soul in the world would know of this our pilgrimage to no country and to no end.

In that shoreless ocean, at thy silently listening smile my songs would swell in melodies, free as waves, free from all bondage of words.

Is the time not come yet? Are there works still to do? Lo, the evening has come down upon the shore and in the fading light the seabirds come flying to their nests.

Who knows when the chains will be off, and the boat, like the last glimmer of sunset, vanish into the night?.