7.2.11

(39)

ගිම්හාන හිරු රසින්
දැවී වියලී ඉරිතලා ගිය හදවතට
දෝත් පුරා ගෙන එන්න
සිසිලසින් දෙතොල් සනසා
සෙනෙහසේ කඳුළු පුබුදන
දයාවේ සිහිල් පොද වැස්ස

ජීවිතය කළු සුදුව
පිණි බිඳක් පතමින් තැවෙන
තණ පතක් සේ මිලිනය
එන්න පුබුදන්න නිම්නයම
සුලං රැලි සුලි කවා
සවන් පෙති පිරිමදින
ඔබේ අනපේක්ෂිත
උදම් ගී රාවයෙන්

මොර දෙමින් හඬ තලන
නොනවතින කලබලයේ ගෝරනාඩුව
සවන් පුරවා අගුළු ලා
තනිකමේ තිමි‍රයෙන්
නෙත් වසා බොඳ කරයි
සදා සැනසිල්ලේ දයාබරයාණනි
එන්න අරගෙන ඔබේ
නිසංසල නිහඬතාවය
සුදු සේද සළුවක්ව
විසිරෙන්න වසා මා ගත

අසරණය ගොළුය අද ම හද
අඳුරු සිර කුටිය මුල්ලක
රුවා හිස දෙදණ මත
අඩදැණිව අතපාන
පහර දී යකුළු පහරින්
බිඳ හෙලා විවර කර
ලෝමුවා ද්වාරය
එන්න මා මුදවන්න
මගේ භූ පතිඳු ඔබ

තෘෂ්ණාවේ රාත්‍රිය
අන්ධකාරයේ ධූලියෙන්
අඳුරු කර කළඹවා
අන්ධ කල සන්තානය
එකළු කර විහිදන්න
විජ්ජුලතා ගිණි පුළිඟු
ගුගුරුවා මේ කුළු
වේදනාවේ සැමිටි පහරින්
සුදොවුණානනි දයාබර
ප්‍රදීපය සනාතන
-.-
When the heart is hard and parched up, come upon me with a shower of mercy.

When grace is lost from life, come with a burst of song.

When tumultuous work raises its din on all sides shutting me out from beyond, come to me, my lord of silence, with thy peace and rest.

When my beggarly heart sits crouched, shut up in a corner, break open the door, my king, and come with the ceremony of a king.

When desire blinds the mind with delusion and dust, O thou holy one, thou wakeful, come with thy light and thy thunder.
.

26.1.11

(38)

සිතන නොසිතන
හැම සිතිවිල්ලක
මුල මැද අග හැම
තැනම ලියා ඇත
ඔබවම ඉල්ලා හිත මොර ගසනා
ඉවසිල්ලක් නැති විලාපයක්

නෙතට නොපෙනෙන
ඈතක හිඳ ඔබ
ගයන ගීතයේ
ස්වර පා කරයි
නැවතිල්ලක් නැති සිහින ඉසව්වේ
නොල ද සැනසුමේ සුවඳ බිඳක්

අඳුරු ගොරහැඩි
අහස් කුසේ රැය
සඟවන නොගලන
කඳුළු බිංදුවකි
පිබිදෙන අරුණළු කිරණක පහසට
ආදරයෙන් දිගු කෙරෙන නෙතක්

නිසල නිසසල
කඩතුරාව වත
අඳුරු අගාධය
හද සන්තානය
දෙදරා ගුමු දෙයි ලතැවෙන වැලැපෙන
ඔබවම ඉල්ලන හැඬුම් හඬක්

සොයන අන්තය
නිසල සාමයයි
කළඹා වා සුළි
උදුරා තුරු ලිය
වනසා සැනසුම දනවා භීතිය
වියරුව දඟලන කුණාටුවක්

සුසුදු පිවිතුරු
ඔබේ ආදරේ
බිඳ දා රිදවා
ගිනි සිළු අවුලා
ඔබවම පතමින් හදවත මුමණයි
නැවතිල්ලක් නැති කෙඳිරිල්ලක්
-.-
That I want thee, only thee---let my heart repeat without end. All desires that distract me, day and night, are false and empty to the core.

As the night keeps hidden in its gloom the petition for light, even thus in the depth of my unconsciousness rings the cry---‘I want thee, only thee’.

As the storm still seeks its end in peace when it strikes against peace with all its might, even thus my rebellion strikes against thy love and still its cry is---‘I want thee, only thee’.
.

19.1.11

(37)

නීල නිම්නය සිහිනයක් සේ
බොඳව ගිය ඊයේ රැයේ
තරු කඳුළු බිඳු තෙතින් තෙත් වූ
තිමිර සළු දියැවී මැකී යයි
ඉකි ගසා සසැලී මෝදු වන
ලහිරු රැස් කෙමි සිතුවමේ

විදා හල අත්තටු සලන්නට
විඩාපත් වූ ලිහිණියා මම
වා තරඟ මැද අයාලේ යමි
නිමක් නොපෙනෙන වාලුකාවේ
මැකී යන පියවර ලකුණු මැද
වියැකෙනා මං පෙත පෙනී

හිස් වු හද ලමැදේ රිදුම් දෙයි
උකටලී සිත කොඳුරනා සඳ
ගල් තලාවක පතිත හිම මල්
පියල්ලක් වී මැකෙන වියැකෙන
නිසරු නිශ්ඵල ‍චේතනා

සිතිජයේ ඉම
පෙනෙන නොපෙනෙන
ඉසව්වේ හිඳ සිනාසී ඔබ
දුදුළුවයි ජීවය මගේ

මිමිණි මිමිණී දිවග ලතැවී
මැකී ගිලිහී මියැදෙනා පද
ධූලි බිඳු වී පියාඹා යත්
කොහේදෝ හිඳ පාව අවුදින්
පිපෙයි ආදර නැවුම් ගී තනු
අළුත් පදරුත් සුවඳ දී

වාලුකාවේ වැලි තලාවේ
මැකී යන පා ලකුණු කෙළවර
මැකෙන වියැකෙන තිමිර සළුපට
මුදාලන අරුණේ පබා වැද
ඉපිල ඉගිලෙත් විහඟ සේනා
කුසුම් ගැවසූ තුරු ලතා මත
සරැලි නංවන සුනිල් දිය පිරි
සත් පියුම් පිපි විල් තෙරේ
-.-
I thought that my voyage had come to its end at the last limit of my power,---that the path before me was closed, that provisions were exhausted and the time come to take shelter in a silent obscurity.

But I find that thy will knows no end in me. And when old words die out on the tongue, new melodies break forth from the heart; and where the old tracks are lost, new country is revealed with its wonders.
.

11.1.11

(36)

මේඝයක් වී අසෙනි සර විද
දෙදරවා නුබ ගුගුරා හඬා
දිය දෙවනු මැන දොවා ලනු මැන
නිසරු කර්කශ ඉරි තැළුණු බිම
බදා වැලපෙන දිළිඳු අසරණ
වියලි තුර පත් පුබුදුවා

නැගී සිට නල රැල් දරා
ගී ගයා වියොවින් හඬා
සිඟිති පෙති පෙති මල් පිපී
ඈත ඈතට පා කරන්නට
නිම්නයේ දුර විසුරුවන්නට
සුවඳ හද පිරි ආදරේ

දෙපා මුල රැඳි ලපැටි තණපත්
සොයා ඇවිදින දිළිඳු මිග රල
සෙවණ දී සනසා දරා
කෙම්බිමක් වී ගගන සරණා
විහඟුනට නිවනට විඩා
හිස නගන්නට හරිත සළු හැඳ
සිව් දෙසට අතු අත් විදා

උඩඟුවෙන් ඉදිමී හඹා විත්
නිසරු ගිගිරුම් ගොරවනා
සුළං කෝඩය හමා එද්දී
දැඩිව නොසැලී නැගී ඉන්නට
අඩදැණිව නොවැටී හඬා

උදා අරුණළු සමග වියැකෙන
තුෂර බිඳු දැක ලතැනොවී
පිපී හිනැහෙන සුසුදු කුසුමින්
මිදී විසිරෙන සුවඳ සුසුමක්
ලෙසින් පාවී එන්න ඔබ වෙත
දිය දෙවනු මැන දොවා ලනු මැන
නිසරු කර්කශ ඉරි තැළුණු බිම
බදා වැලපෙන දිළිඳු අසරණ
වියලි තුර පත් පුබුදුවා
-.-
This is my prayer to thee, my lord---strike, strike at the root of penury in my heart.

Give me the strength lightly to bear my joys and sorrows.

Give me the strength to make my love fruitful in service.

Give me the strength never to disown the poor or bend my knees before insolent might.

Give me the strength to raise my mind high above daily trifles.

And give me the strength to surrender my strength to thy will with love.
.

5.1.11


(35)

කැකුළු පෙති විහිදුවා පිබිදෙන
චින්තාව නිවහල්
සුවඳ විහිදන නැගී නොබියව
උදාරව නැණ පහන් සුදිලෙන
නිදහසේ තුඟු ස්වර්ගයයි...

නෙත් යොමා මම සොයන්නේ
සිතිජ කෙලවර සිහිනයේ...

හීන මානස පවුරු බැමි බිඳ
සත්‍යයයේ දිය බුබුළ පතුලත
ඉපිද විසිරෙන වදන් දිය බිඳු
රඳා දෙතොලත නැවුම් ගී සේ
සුසුදු පිරිපුන් මනුෂ්‍යත්වය
දෝත් විහිදා වැලඳගන්නා
මගේ නිවහල් දේශයයි

සම්ප්‍රදායේ කතර වැලිතල
නොසඟවන බුද්ධියේ සිහිලඹ
සිතැඟි සේ සිතුවිලිව පුබු දා
නැගි නැගී එන දිරිය දරුකැල
පෘථුල තැනිබිම සිසාරා
ජීවයේ සිසිලස පතුරුවන
මගේ නිවහල් දේශයයි

‍නෙත් යොමා මම සොයන්නේ
සිතිජ කෙලවර සිහිනයේ...

කැකුළු පෙති විහිදුවා පිබිදෙන
චින්තාව නිවහල්
සුවඳ විහිදන නැගී නොබියව
උදාරව නැණ පහන් සුදිලෙන
නිදහසේ තුඟු ස්වර්ගයයි...!
-.-

Where the mind is without fear and the head is held high;

Where knowledge is free;

Where the world has not been broken up into fragments by narrow domestic walls;

Where words come out from the depth of truth;

Where tireless striving stretches its arms towards perfection;

Where the clear stream of reason has not lost its way into the dreary desert sand of dead habit;

Where the mind is led forward by thee into ever-widening thought and action---
Into that heaven of freedom, my Father, let my country awake.
.