26.1.11

(38)

සිතන නොසිතන
හැම සිතිවිල්ලක
මුල මැද අග හැම
තැනම ලියා ඇත
ඔබවම ඉල්ලා හිත මොර ගසනා
ඉවසිල්ලක් නැති විලාපයක්

නෙතට නොපෙනෙන
ඈතක හිඳ ඔබ
ගයන ගීතයේ
ස්වර පා කරයි
නැවතිල්ලක් නැති සිහින ඉසව්වේ
නොල ද සැනසුමේ සුවඳ බිඳක්

අඳුරු ගොරහැඩි
අහස් කුසේ රැය
සඟවන නොගලන
කඳුළු බිංදුවකි
පිබිදෙන අරුණළු කිරණක පහසට
ආදරයෙන් දිගු කෙරෙන නෙතක්

නිසල නිසසල
කඩතුරාව වත
අඳුරු අගාධය
හද සන්තානය
දෙදරා ගුමු දෙයි ලතැවෙන වැලැපෙන
ඔබවම ඉල්ලන හැඬුම් හඬක්

සොයන අන්තය
නිසල සාමයයි
කළඹා වා සුළි
උදුරා තුරු ලිය
වනසා සැනසුම දනවා භීතිය
වියරුව දඟලන කුණාටුවක්

සුසුදු පිවිතුරු
ඔබේ ආදරේ
බිඳ දා රිදවා
ගිනි සිළු අවුලා
ඔබවම පතමින් හදවත මුමණයි
නැවතිල්ලක් නැති කෙඳිරිල්ලක්
-.-
That I want thee, only thee---let my heart repeat without end. All desires that distract me, day and night, are false and empty to the core.

As the night keeps hidden in its gloom the petition for light, even thus in the depth of my unconsciousness rings the cry---‘I want thee, only thee’.

As the storm still seeks its end in peace when it strikes against peace with all its might, even thus my rebellion strikes against thy love and still its cry is---‘I want thee, only thee’.
.

No comments:

Post a Comment