31.3.10


(24)

සි‍යොත් ගී නෑසෙයි
විඩාපත්ව නැවතී සුසුම්ලයි
මල් සුවඳ සමග
කෙළිදෙලෙන්
දඟකල සුළඟ
නිමා වී ඇති සේය
නිමක් නොපෙනුනු ඉඟි නළුව
ඉතින් එන්න නොපමාව
අන්ධකාරයේ ඝනකම් කඩතුරාව ඇද
පියවන්න මේ රඟමඬල
මිලින වී නොපෙනී
සැඟව යන්නට මට

මිහිතලය සනසා
නිද්‍රාවේ කම්බිලිය පොරවා
ගොම්මනේ නිදි කිරන
සියපතේ පෙති
එකිනෙක ...
එකිනෙක ...
ආදරෙන් පියවන්නා සේම ඔබ ...

අසරණවු මගියාය මා
හිස්ව ඇත මා ගමන් පැස
අන්තය නොදුටු ගමනෙහි අතරමග
කඩමාළුය හැඳිවත
දුහුවිල්ලෙන් වැසුණු ගත
දියව ගිය දිරිය
නොනැගෙයි දෙපා
පැකිලෙමින් තතනන

එන්න ඉතින්
පිසලන්න මේ අවමානයේ කදුළු
දිළිඳු අසරණ මා නෙතින්
පෙති හැලෙන පුෂ්පයක
සිඳී යන ජීවය
සදාතන සුවඳක
සඟවන්නා සේ ම ඔබ
දයාබර රාත්‍රියේ
අඳුරු සළු‍වෙන්
මුවාකර
පිබිදෙන්න කැකුලක්ව
අරුණෙහි
පහස විඳ
සිනාසෙන.

-.-


If the day is done, if birds sing no more, if the wind has flagged tired, then draw the veil of darkness thick upon me, even as thou hast wrapt the earth with the coverlet of sleep and tenderly closed the petals of the drooping lotus at dusk.

From the traveller, whose sack of provisions is empty before the voyage is ended, whose garment is torn and dustladen, whose strength is exhausted, remove shame and poverty, and renew his life like a flower under the cover of thy kindly night.

.

20.3.10


(23)

අඳුරු රෑ දුර අඳුරු නුබ ගැබ‍
වේදනාවෙන් ගුගුරනා
හඬා වැලපෙත් අඳුරු මේ කුළු
කස පහර පුපුරයි ...
චණ්ඩ මාරුතයේ ...

කවුළු දොර මත මගේ කුටියේ
පියස්සේ හැපිලා බිඳී
ඇහැරවා සිත නොපියවෙන නෙත
පිරෙයි තෙත වැහි බිඳු මුතූ

අසනි සරයක දිදුල එළියෙන්
මො‍හොතකට දැල්වී නිවී
මැකී යන නිල් සිතුවමේ
සොයමි ඔබ මම නෙත් විදා
තුරු වදුළු ඔබ කන්ද පාමුල
පාළු අඳුරේ මාවතේ

අඳුර කැටිවී මහ බිතක් වී
කවුළුවෙන් ඔබ රැඳී නැවතී
කළුම කළු දෙනෙතින්
රවා ඔරවා රඟා හිනැහෙයි වියරුවෙන්
මගේ කුටියේ දුබල පහනේ
දිලෙන කහවන්
සිළුව දෙස බලමින්

දොර පියන් ඇරිලා මොහොතින්
ඔබ එතැයි සිතිලා බලයි නෙත්
ඉකිගසා කොඳුරා හඬයි සිත
කොහේ ‍‍‍කොතැනක
ඉන්නෙදැයි සිතිලා ...

කාළ වර්ණව නැගුණු ගිරිකුළු
සුසුම් හෙලමින් කොඳුරනා
වංකගිරියේ ගිරි හිසේ
පිය නගන්නෙද රුදුරු ගං තෙර
කළු වලාකුළු දියර ගලනා
අඳුරු වන පෙත් මායිමේ

සොය සොයා පිය දෙනෙත් දල්වා
අන්ධකාරය උලා කළු මැදි
අඳුරු සිතුවම් පොතේ මේ රෑ
මගේ කුටියේ තනිවු පහනේ
පාඬු පැහැයෙන්
දිලෙන සිළුවේ
වේදනාවෙන් දැවී ලතැවෙන
කඳුළු බිංදුව
ආදරේ ... !


-.-


Art thou abroad on this stormy night on thy journey of love, my friend? The sky groans like one in despair.

I have no sleep tonight. Ever and again I open my door and look out on the darkness, my friend!

I can see nothing before me. I wonder where lies thy path!

By what dim shore of the ink-black river, by what far edge of the frowning forest, through what mazy depth of gloom art thou threading thy course to come to me, my friend?
.

5.3.10


(22)

නිකිණි අහසම හඬා හැලෙනා
රැයේ නොනිදා බලා ඉන්නා
සිතුම් සිතුවිලි රැකවලුන්නේ
දෑස් පියවෙන ඇසිල්ලේ

නිහඬ රැය සේ මට සොරා ඔබ
පිය නගා විත් රැඳී ඉන්නා
පහන් කණුවේ කඳුළු නොරැ‍ඳෙන
අඳුරු හෙවනැලි මුවා වේ‍

අහස් නිල සඟවා වසා‍ගත්
අඳුරු කම්බිලියේ
වෙලී පැටලී හිසත් සඟවා
ඇස් පියාගත් උදා අරුණළු
පුබුදුවන්නට දුවන දඟලන
ඉඳු සුළඟ ගී
ගයයි ගොරහැඩි ස්වරයෙන්

සියොත් ගී නැත තුරු වදුළු අස
පියන් පියවී වැටී දොරගුළු
පාළු මාවත ඇවිද එයි ඔබ
හුදකලාවේ සුවඳ මීදුම්
සුවඳ මැද තනියෙන්

සුහදයානනි ලබැඳියාණනි
තනිකමේ උණුසුම බෙදාගත්
විවර දොරටුව නෑ වැසී තව
මගේ අසරණ නිවහනේ

එපා යන්නට පිය නගා
හැරී නොබලා හිස නගා
සදාකල් මා රඳා සිරකර
කඳුළු බොඳවුනු ස්වප්නයේ


-.-


In the deep shadows of the rainy July, with secret steps, thou walkest, silent as night, eluding all watchers.

Today the morning has closed its eyes, heedless of the insistent calls of the loud east wind, and a thick veil has been drawn over the ever-wakeful blue sky.

The woodlands have hushed their songs, and doors are all shut at every house. Thou art the solitary wayfarer in this deserted street. Oh my only friend, my best beloved, the gates are open in my house---do not pass by like a dream.
.