20.3.10


(23)

අඳුරු රෑ දුර අඳුරු නුබ ගැබ‍
වේදනාවෙන් ගුගුරනා
හඬා වැලපෙත් අඳුරු මේ කුළු
කස පහර පුපුරයි ...
චණ්ඩ මාරුතයේ ...

කවුළු දොර මත මගේ කුටියේ
පියස්සේ හැපිලා බිඳී
ඇහැරවා සිත නොපියවෙන නෙත
පිරෙයි තෙත වැහි බිඳු මුතූ

අසනි සරයක දිදුල එළියෙන්
මො‍හොතකට දැල්වී නිවී
මැකී යන නිල් සිතුවමේ
සොයමි ඔබ මම නෙත් විදා
තුරු වදුළු ඔබ කන්ද පාමුල
පාළු අඳුරේ මාවතේ

අඳුර කැටිවී මහ බිතක් වී
කවුළුවෙන් ඔබ රැඳී නැවතී
කළුම කළු දෙනෙතින්
රවා ඔරවා රඟා හිනැහෙයි වියරුවෙන්
මගේ කුටියේ දුබල පහනේ
දිලෙන කහවන්
සිළුව දෙස බලමින්

දොර පියන් ඇරිලා මොහොතින්
ඔබ එතැයි සිතිලා බලයි නෙත්
ඉකිගසා කොඳුරා හඬයි සිත
කොහේ ‍‍‍කොතැනක
ඉන්නෙදැයි සිතිලා ...

කාළ වර්ණව නැගුණු ගිරිකුළු
සුසුම් හෙලමින් කොඳුරනා
වංකගිරියේ ගිරි හිසේ
පිය නගන්නෙද රුදුරු ගං තෙර
කළු වලාකුළු දියර ගලනා
අඳුරු වන පෙත් මායිමේ

සොය සොයා පිය දෙනෙත් දල්වා
අන්ධකාරය උලා කළු මැදි
අඳුරු සිතුවම් පොතේ මේ රෑ
මගේ කුටියේ තනිවු පහනේ
පාඬු පැහැයෙන්
දිලෙන සිළුවේ
වේදනාවෙන් දැවී ලතැවෙන
කඳුළු බිංදුව
ආදරේ ... !


-.-


Art thou abroad on this stormy night on thy journey of love, my friend? The sky groans like one in despair.

I have no sleep tonight. Ever and again I open my door and look out on the darkness, my friend!

I can see nothing before me. I wonder where lies thy path!

By what dim shore of the ink-black river, by what far edge of the frowning forest, through what mazy depth of gloom art thou threading thy course to come to me, my friend?
.

No comments:

Post a Comment