30.1.10

(14)

සයුරු තෙර බිඳෙයි රළ
පුබුදුවා ආශා පෙණ බුබුළු
බිඳී යන්නට පිපී
ඇදී යන්නට නැවත

හැඬුම් හඬ දුඃඛිතය
රිදුම් දෙන ආත්මය දෙදරවන

දවන මුත් සිත
ඔබේ දරදඬු ප්‍රතික්ෂේපය
දකිමි ඔබගේ අචල වූ ප්‍රේමය
අයෝමය පවුරක්ව
නැගෙනු මා නවතන්න
වෙලී පැටලී මා වටා
සුරකින්න මා සදා
සයුරු රළ පාවාඩයේ සැඟවුණු
සදාකාලික මරණයේ හස්තයෙන්

ඔබේ දයාවේ තුෂර බිඳු
දොවයි මේ අසරණ කුසුම
මුදා හැර තණ්හාවේ දුහුවිල්ල
නැගෙන්නට සුසුදුව දෝත පා
රඳන්නට ඔබ පුදන‍
මහඟු වූ තිළිණයන්

හිරු සඳුත් රිදී තරුත් දරා
හිනැහෙනා නිල් අහස
පුබුදුවන මේ සිරුර
ඉපිල සතුටින් පා නගයි
මිහිතලය වැලඳගෙන
පිරිතිරී ජීවයෙන්

ඉබාගාතේ සරමි
ඔබ සොයා තාන්තුව
ඉකි ගසන විට සිත
පිපාසාවෙන්
දෙනෙත් දල්වා
හඹා එමි මුව
පොව්වකුව මම
එහෙත් මිරිඟුවව ඔබ
මැකී යයි
වියලි වා තලයට
කුරිරු ලෙස
පාරවා හද

දනිමි මම
මේ නුපුරුදු වියෝගය
මුදා ලන්නයි මා
අවිනිශ්චිත වූ
ආශා රැහැනින්
දුබලත්වයේ
අන්තරායයෙන්

සුසුදු කරවා දෙවොල
සුවඳ කරවා පුදසුන
සරසන්න නොපමාව
සුපිරිසිඳු ඉසිඹුවට
ඔබ පහස දිව්‍යමය
දියත්තක් වී පැතිර
මගේ සිත මගේ ගත
වෙලාගන්නා සදාකාලයටම
-.-


My desires are many and my cry is pitiful, but ever didst thou save me by hard refusals; and this strong mercy has been wrought into my life through and through.

Day by day thou art making me worthy of the simple, great gifts that thou gavest to me unasked---this sky and the light, this body and the life and the mind---saving me from perils of overmuch desire.

There are times when I languidly linger and times when I awaken and hurry in search of my goal; but cruelly thou hidest thyself from before me.

Day by day thou art making me worthy of thy full acceptance by refusing me ever and anon, saving me from perils of weak, uncertain desire.
-

28.1.10

(13)

ගීතය නිහඬය
නොගැයිනි තවම

දිනෙන් දින
දිනෙන් දින ගෙවුනත්
සලමින් පිරික්සමින්
සකසමින් වීණාවේ සර

එළඹ නැත
නිසි මොහොත
නැත වදන් ගැලපී
පෙල ගැසී
හද රිදුම් දුන්නත්
පිරී කැලතෙන ප්‍රාර්ථනාවන්

පියුම නැත පිබිදී
හමා යන මුත් නල
ගෙන යන්න
එහි සුවඳ

නෙත ගැසී නැත වත
සවන නොරැඳිනිය හඬ
පා ගැටෙන සර පමණි
සරණ විට ඔහු මාවතේ

දිග හැරෙයි ජීවිතය
දිග ඇදෙයි සෙවනැලිත්..
එහෙත් තවමත්
පහන දැල්වී නොමැත
හැර පියන්නට
දොර පියන්
වඩින්නට මා කුටියට...

හමුවීම...
ජීවිතයේ...
ප්‍රාර්ථනාවක්ම
පමණකි
තවම
නොපිපුණු
-.-


The song that I came to sing remains unsung to this day.

I have spent my days in stringing and in unstringing my instrument.
The time has not come true, the words have not been rightly set; only there is the agony of wishing in my heart.

The blossom has not opened; only the wind is sighing by.

I have not seen his face, nor have I listened to his voice; only I have heard his gentle footsteps from the road before my house.

The livelong day has passed in spreading his seat on the floor; but the lamp has not been lit and I cannot ask him into my house.

I live in the hope of meeting with him; but this meeting is not yet.
-

(12)

සැරි සරමි මම තවම
ගමන තව තව දිගුය
ගමන් මග දිගුය

දියතෙහි විහිදුනු
කුළුඳුල්ම ආලෝක කිරණය සමගින් නැගී
විසල් විශ්වයේ අපමණ අප්‍රමාණ
ලෝකයන් අතරෙහි
මම තවම සැරි සරමි
රඳා පා සටහන්
ඉර හඳ තරු වල

ගිණිය නොහෙන මං සල්
කඳු හෙල් තෝ තැනි අතරින්
විහිද යන මේ
දීර්ඝ වූ අසීරුම මං පෙතයි
එකම මග වැටී ඇති
ඔබ දෙ පා වෙත ලඟා වන්නට

එ මගෙහි පිය නැගෙන
මේ දුඃඛිත ගමන
දමනය කර සංවර කරයි
මගේ පව්කාර ආත්මය

කල්පයෙන් කල්පය
මා මුවින් මිමිණෙනා ගීතයේ
පටලැවී බිඳි බිඳී
ලතැවෙවී ගැයෙනා
සංකීර්ණ වූ ස්වර රටාවන්
කන්කළු මිහිරි
සරලතම තනුවක්ව පෙල ගැ‍ෙසයි

මද නලෙහි මිදී විසිරෙන
දුහුළු මලක රජතමය සිනා රැලි සේ
සැහැල්ලුවෙන් පා ව යන
රැ‍ඳෙන්නට ඔබ දෙපා මුල රහසින්

මං මුලා වූ මගියා වෙමි මම
පැකිලි පැකිලී සන් කරන
හමුවන සෑම දොරටුවක් අසලම
සොය සොයා මා වෙනුවෙන් ඇරුනු
ප්‍රේමයේ උත්තුංග ද්වාරය

ඉබාගාතේ යමින් මේ පුද බිමේ
අසංඛ්‍යය වු පිට වාසල් කඩ අතර
සැරි සරන කල්පාන්තරයක්
මුණ ගැසෙන තුරු ඒ උතුම්
දෙවොලෙහි ඇතුළු ගැබ

විසල් විශ්වය සිසාරා
අසරණව සැරිසැරීය මගේ නෙත්
මොර ගසන්නට පෙර
නෙත් වසා මම මහ හඬින්
"ඔබ මෙහිය..! ඔබ මෙහිය...!"

කල්ප සංඛ්‍යාත ආත්මයන්ගේ
කඳුළු වැල් දියෙන් තෙත්වී නැගෙන
ප්‍රශ්නාර්ථයේ හැඬුම් හඬ
විශ්වාසයේ කැළඹිල්ල හා මුසුව
දෝංකාර දෙයි සිසාරා විශ්වය
"අනේ... කොහිද මම?"
-.-


The time that my journey takes is long and the way of it long.

I came out on the chariot of the first gleam of light, and pursued my voyage through the wildernesses of worlds leaving my track on many a star and planet.

It is the most distant course that comes nearest to thyself, and that training is the most intricate which leads to the utter simplicity of a tune.

The traveller has to knock at every alien door to come to his own, and one has to wander through all the outer worlds to reach the innermost shrine at the end.
My eyes strayed far and wide before I shut them and said `Here art thou!'

The question and the cry `Oh, where?' melt into tears of a thousand streams and deluge the world with the flood of the assurance `I am!'
-

(11)

කාහටද ඔබ ගයන්නේ
හද බැතින් මල් පුදන්නේ
පියව ඇත දොර කවුළු දෙවොලේ
පියව ඇත නෙත් කවුළු ‍ඔබගේ
යදියනේ ඇයි යදින්නේ
අඳුර තුල ඇයි සොයන්නේ
පබළු ගණිමින් ගෙල වටා රැඳි
ඇඟිලි අග දියවූ නවගුණ වැලේ
හිස්ය දෙවසුන කොහිද දෙවිඳුන්
බලනු පිසදා මිරිඟු තිමිරය
මිදී ඇති නැණැසේ බැඳී

ඔබේ දෙවියෝ මවති ලෝකය
එදා මෙන් අද දිනත් තවමත්
නොනවතී ඒ මැවුම කිසිදින
මැවේ හැම අංශුවම නැවතත්
උපදිනා හැම මොහොතකම අළුතෙන්
සදාකල්හිම විශ්වයේ

කෙත සදන්නට
‍කරගැසුණු බිම
පොඟවමින් දා බිඳු වලින්
සී සාන්නට වෙහෙසෙනා තැන
මග තනන්නට
මහා ගල්කුළු
යකුළු පහරින් බිඳහෙලා
කැබලි කරමින් අතුරනා තැන
සිටිති දෙවියෝ ධුලි මඩ කුණු වැකි ගතින්
පලා ගොස් මේ දෙ‍වොල් බිම හැර
ලොව මවති ලේ බිඳු වලින්
හිරු රසේ පහසින් දැවී
වැහි දියේ සිහිලෙන් තෙමී

එන්න අතහැර මහරු පුදසුන
රනින් ඔප කර මැණික් පැළඳූ
ඇවිද යන්නට සමග දෙවියන්
පා නගා දුහුවිලි මතින්

අරුත් සුන් වදනකිය ගැලවුම
සදාකාලික මිහිරි සිහිනය
සියළු බැමි බිඳ පලායෑමේ
නිදහසේ නිවහල් ගිගිරි සොලවා
රඟන්නට පාවෙලා සැනසිලා
එක්වීම අපගේ මැවුම්කරු හා
බන්ධනයකිය සදාකාලික
එයම වේ මැවිල්ලත්
ශුද්ධ වු පරි ශුද්ධ වූ

අවදි‍වනු මැන බිඳා හැර බැමි
භාවනාවේ සිර ගෙයින් නික්මී
ඉවත ලා මල් සුවඳ දුම් පූජාසනේ
එන්න එකතුව මවන්නට ලොව
ධුලි ලේ දහදිය වැකී
සිනිඳු සළු පිළි මහරු ඇඟළුම්
දිරාපත් වැරහැලි වුනත්
කම් කිමද ඇයි එගැන ලතැවෙනු
එන්න අපි යමු එක්වෙලා
දෙබැම දා දිය බිඳු නැගී
හැලී විසිරී මල් වෙලා
පිදෙන්නට අපගේම පාමුල
ලොව මවන දෙවිඳුන් නමින්
ලොව තනන දෙවිඳුන් ලෙසින්
-.-


Leave this chanting and singing and telling of beads! Whom dost thou worship in this lonely dark corner of a temple with doors all shut? Open thine eyes and see thy God is not before thee!

He is there where the tiller is tilling the hard ground and where the pathmaker is breaking stones. He is with them in sun and in shower, and his garment is covered with dust. Put of thy holy mantle and even like him come down on the dusty soil!

Deliverance? Where is this deliverance to be found? Our master himself has joyfully taken upon him the bonds of creation; he is bound with us all for ever.

Come out of thy meditations and leave aside thy flowers and incense! What harm is there if thy clothes become tattered and stained? Meet him and stand by him in toil and in sweat of thy brow.
-

(10)

ඔබ දෙපා ගිම් නිවන
පා අසුන රැඳී ඇති
අගාධය පතුලත
සරති සැනසෙති
දිළින්දන්ගෙත් දිළින්දෝ
ජීවිතය සොයමින් මං මුලා වූ‍

නැවෙන මුත් මගේ හිස
මගේ නැමදුම දිගු නොවෙයි
සිඹින්නට ඔබ දෙපා
තෙමන්නට කඳුලින් මගේ
අඳුරු ගැඹරට ඔබේ පා රැඳී ඇති
විසල් පතුලට කඳුළු මුතු රැඳි
දිළින්දන්ගෙත් දිළින්දන්ගේ
ජීවිතය සොයමින් මං මුලාවූ

අබිමානයට මසිත
නොහැකිය කෙදිනවත්
දොර අගුළු හැර
කඳු මුදුනතින් බැස
පි‍විසෙන්න මාවතට
දිලිඳුකමේ බැහැපත් වතින්
සැරස ඔබ පා නගන
දිලිඳුන්ගේත් දිලිඳුන් සමග
ජීවිතය සොයමින් මං මුලාවූ

මගේ හදවත කොඳුරා හඬයි
සෝ දුකින් ලතැවුලෙන්
ඔබ දෙපා අසලින්
තබන්නට මගේ හිස
සැනසෙන්න මට
නිවා දිවියේ ගිමන්
කෙදින නම් හැකිවේද
කි‍ඳෙන්නට ගැඹුරු පතුලට
ජීවිතය සොයමින් මං මුලාවූ
දිළිඳුන්ගේත් දිළිඳුන්
හුදකලාවූ අසරණයින් සමග
තුටින් ඔබ සැරිසරන...
-.-


Here is thy footstool and there rest thy feet where live the poorest, and lowliest, and lost.

When I try to bow to thee, my obeisance cannot reach down to the depth where thy feet rest among the poorest, and lowliest, and lost.

Pride can never approach to where thou walkest in the clothes of the humble among the poorest, and lowliest, and lost.

My heart can never find its way to where thou keepest company with the companionless among the poorest, the lowliest, and the lost.
-

(9)

අඥානය, තමන්ගේම කර පිටින්
ගමන් යා හැකිද කිසිවකුට...?
යදියකුව ඔබ යදින්නේත් ඔය
දොරටුව අසලයි ඔබේම කුටියේ..!

දෙන්න ‍ඔබේ දුක් කඳුළු
ගමන් පැස මේ දෑතට
දැරිය හැකි සියළු බර
පා නගන ඔබ සමග
නොබලන්න කනස්සල්ලෙන්
හැරී ආපසු මනස්තාපයෙන්

ආශා‍ෙව් උණුසුම් සුසුම
සිප වැළඳ නිවාලයි
ජීවනයේ ගිතෙල් පහනේ
දැල්වෙනා ගිනි සිළුව

නොපතන්න නොලබන්න
කිසිදිනක කිසිත් කිසිවක්
රැඳුනු තැවරුනු මොහොතකටවත්
ආශාවේ අපිරිසිදු දෑත් වල

දිගු කරන්න ඔබේ දෝත
පිරවෙන්න මේ උදාසන
දයාබර සෙනෙහසින්
සුසුදු ආදරයෙන් පිදෙන
පිණි බි‍ඳෙන් වත දෙවුනු
සුවඳ සිඟිති සුදෝ සුදු මල් අහුරු...!
-.-


O Fool, try to carry thyself upon thy own shoulders! O beggar, to come beg at thy own door!

Leave all thy burdens on his hands who can bear all, and never look behind in regret.

Thy desire at once puts out the light from the lamp it touches with its breath. It is unholy---take not thy gifts through its unclean hands. Accept only what is offered by sacred love.
-

(8)

පැලඳ පට සළු විසිතුරු
කුමාරයෙක් ලතැවෙයි සොවින්
දුවන්න නටන්න
කුන්දු පනින්න
දුහුවිල්ලේ දඟලන්න
හඬනගා හිනැහෙන්න
නැතිව අවසර...

සළු පිලි පළුදු වේවිද
දුහුවිල්ල නැහැවී
දුර්වර්ණ වේවිද...
රන්මාල ගිලිහේද
කැඩේවිද නැතිවේද
සියල්ලෙන් හුදකලාවී සිටී කුමරිඳු
‍ඇසිපිය හෙලන්නත්
නෑ නිදහසක් නම්...

“අනේ අම්මා..
මේ විසිතුරු ඇඳුම් වල
තුට්ටුවක වටිනාකමක් නෑ නේද?
මේ පොළවේ දුවිල්ලෙන් අප වෙන්කර
මිනිස්කමේ ආදරණීය උණුසුමින් දිදුලන
මේ විසල් සැණ‍කෙලි බි‍මේ
එලිපත්තටවත් පා තියන්නට
අපට ඉඩ නොදෙන්නේ නම්....?”
-.-


The child who is decked with prince's robes and who has jewelled chains round his neck loses all pleasure in his play; his dress hampers him at every step.

In fear that it may be frayed, or stained with dust he keeps himself from the world, and is afraid even to move.

Mother, it is no gain, thy bondage of finery, if it keep one shut off from the healthful dust of the earth, if it rob one of the right of entrance to the great fair of common human life.
-

(7)

ඉවතලා විසිතුරු
රන් රිදී මුතු මැණික්
අබරණ ආයිත්තම්
චාම් සුදු සාළුවක් පැලඳ
රඟන්නට තැත් කවයි
මගේ මේ ආදර ගීතය
විසිතුරු ආබරණ ආයිත්තම්
අනිසි බරක් මිස
අබිමානයක් නම් නොවෙයි
අද මගේ ගීයට

රන් රිදී මුතු මැණික්
විචිත්‍රත්ව‍යේ කිංකිණි හඬ නගා
අපේ එක්වීමේ සුන්දරත්වය
පළුදු කරවා
ඔබත් මමත්
අතරින් නැගෙනු ඇත
විසල් පවුරක්ව
ඔබේ ආදර
මිමිණුම වසාගෙන

මගේ කවිකම ඉතින්
කෝලව සැඟවෙයි
ඔබ අබියස
කිවිඳුන්ගේ කිවිඳාණනි...

යදින්නෙමි අසරණව
මම ඔ‍බේ පාමුල
දෙනෙත් අයා දල්වා
පුදන්නෙමි මා දිවිය
නැවුම් නොකැලැල්
බට දඬුවක් ලෙසින්

පුරවන්න එය ඔබේ
ජීවනයේ සංගීත ස්‍ව‍රයෙන්
හැඬවෙන්න පිබිදෙන්න
මිහිරි ඉමිහිරි ගී රාව
-.-


My song has put off her adornments. She has no pride of dress and decoration. Ornaments would mar our union; they would come between thee and me; their jingling would drown thy whispers.

My poet's vanity dies in shame before thy sight. O master poet, I have sat down at thy feet. Only let me make my life simple and straight, like a flute of reed for thee to fill with music.
-

(6)

ඔබේ සුසුදු දෑඟිලි මත හිඳින්නට රැඳී
නෙලාගන්න පමා නොවී තව තවත්
පෙති විකසිත සිඟිති කුසුම
උපන් ඔබ නමින්
නල රල වැද නටුවෙන් මිදවී
මැලැවී ගොස් පෙති පෙති ගිලිහී
දුහුවිල්ලට මුසුවෙලා
මියෙන්නට කලින්

නොතරම් මුත් රැඳවෙන්නට
ඔබේ ගෙලේ පැලැ‍ඳෙන්නට
සුසුදු සුවඳ මාලතී
මල් දමෙහි මලක් වී

නෙලා ගන්න සිඟිති කුසුම
නිදන්න පෙර හිරු ගිලිහී
අඳුරේ මා සඟවලා
මල් පුදන පැය ගෙවී

විඳින්න මට වේදනාව
ඔබේ නමින් මිලානවී
සුවඳක් වී රැඳවිලා
නෙත් පියන සැනසුමේ

සිඟිති පැහැය පැහැබර නැති
සිඟිති සුවඳ සිඟිති සිඟිති
සිඟිති සිඟිති මලක්මයි ඉතින්
එන්න... ඔබේ ඇඟිලි තුඩින්
නෙලාගන්න සිඟිති කුසුම
පමා නොවී තව තවත්
ගෙවී සැඟව යන්නට පෙර
ආදරබර සොඳුරු මොහොත
පෙති විහිදා හිනැහෙනා...!
-.-



Pluck this little flower and take it, delay not! I fear lest it droop and drop into the dust.

I may not find a place in thy garland, but honour it with a touch of pain from thy hand and pluck it. I fear lest the day end before I am aware, and the time of offering go by.

Though its colour be not deep and its smell be faint, use this flower in thy service and pluck it while there is time.
-

(5)

යදියෙක්මි මම
යදින්නෙමි එකම එක
නිමේෂයක් මට
වැතිර ඉන්නට ඔබ දෙපා මුල
විඳින්නට සැනසුම් සුවය
සදාකාලික පරම පිවිතුරු
නවත්වා ජීවිතය
කල්තබා සියළු දේ
මා දෝත පුරාගත්

ඉතින් නෑ මට
සැනසුමක්
සිසිලක්
එක නිසල
මොහොතක්
ඔබේ දසුනෙන් වියෝවූ සඳ
තෙරක් නැති සයුරක් තරන්නෙමි
නිමක් නැති දුක් සයුරකි දිවිය

මගේ හදවත් කවුළුවෙන්
වසන්තය එබිකම් කරයි අද
මුමුණමින් ගී ස්වර කවි පද
සුපිපි මල් ගොමු යහන් මත
පෙම් කෙලින බිඟුන්ගේ
සප්ත සර හඬ ඇසෙයි


කාලයයි මට
රැඳවෙන්න භාවනාවක
ඔබේ වත දෙස නෙත් යොමා
පිරී ඉතිරෙන නිසලතාවයෙන් සුපිපී
ගයන්නට මගේ
නිහඬ ආදර ගීය

පිදෙන්නට ඉපිලෙනා
මගේ හදවත් පියුම
පුදන්නට මට
ඔබ දෙපාමුල
තැනූ ආදර පුදසුනේ
-.-


I ask for a moment's indulgence to sit by thy side. The works that I have in hand I will finish afterwards.

Away from the sight of thy face my heart knows no rest nor respite, and my work becomes an endless toil in a shoreless sea of toil.

Today the summer has come at my window with its sighs and murmurs; and the bees are plying their minstrelsy at the court of the flowering grove.

Now it is time to sit quite, face to face with thee, and to sing dedication of live in this silent and overflowing leisure.
-

(4)

අත් බවින් අත් බවට
තැත්කවමි පිළිණ දෙමි මම
නැගෙන්නට පිවිතුරුව සුසුදුව
නොමැකෙන්න නොසි‍ඳෙන්න
රැඳවෙන්න නොකිලිටිව
ඔබේ ජීවනයේ පහස
සුවඳක්ව තැවරිලා
තිබෙන මා ගත පුරා
ඇඟිලි තුඩු අගිසි සිට
මා ගතම සුවඳ වෙයි
ඒ සුවඳ රැඳවිලා

පිසලන්නෙමී මම අඳුරු ධූමය
දැවි දැවී නැගෙනා අසත්‍යයේ
ඔබේ සුසුමින් විසුරුවා
මසිත සිතිවිලි රල පෙලින්

දනිමි මම ඔබ පමණමයි
සදා දිදුලන පරම සත්‍යයය
දල්වනා මසිත ප්‍රේමයේ
ලදළු පවනින් සිඹුම් දී
නුවණැසේ රතු ගිනි සිළුව

නොහිම් සෙනෙහින් අමදින්නෙමී
මහද දෙවොල් බිම මම
පිසලන්න දුරුවෙන්න
අඳුරු දුහුවිලි කහට
පිබිදෙන්න මගේ පෙම
ලපැටි අතු අග රැඳව පිබිදෙන
සුසුදු කුසුමක් ලෙසින් සුවඳින්

සපිරෙන්න ඒ සුවඳ
ගල ගලා ගොස්
සිඟිති සිතිවිලි සේ
ඇතුළු හද ගැබ රහස් කුටියේ
වැතිර ඔබ ගිම් නිවනා

සැලෙන නැලැවෙන තුරු ලතා
කරන සේ ගෙත්තම්
‍අදිසි සිතිවිලි
හමන නල රල කොඳුරනා
කැඩපතක් වන්නෙමි මමත්
දිදුලන්න ඔබගේම පිළිබිඹුව
නැගෙන සැම පියවරක් පාසා

ඔබම පමණයි මගේ ශක්තිය
මා හදේ හද ගැස්ම ජීවනය
සැණින් සැණ මා පුබුදනා
මා දෙපා පොඩි ඔසවනා
නොහිම් වෙරලත පා තබා
ඇවිද යන්නට ජීවිතේ....!
-.-


Life of my life, I shall ever try to keep my body pure, knowing that thy living touch is upon all my limbs.

I shall ever try to keep all untruths out from my thoughts, knowing that thou art that truth which has kindled the light of reason in my mind.

I shall ever try to drive all evils away from my heart and keep my love in flower, knowing that thou hast thy seat in the inmost shrine of my heart.

And it shall be my endeavour to reveal thee in my actions, knowing it is thy power gives me strength to act.
-

(3)

කෙසේ නම් ඔබ ගයන්නේදැයි
නොදන්නෙමි මම
අසමි මම මුසපත්ව
ඔබේ ගී හඬ
විශ්මයෙන් නිහඬවී

එකළු කරවයි ලොවම
දීප්තිය විහිදෙනා
ගී ස්වරයන් ඔබේ
ජීවනය පැතිර යයි
අහසින් අහසට ගලයි
දිව්‍යමය ගී ගඟුල
කුලින් කුල පුබුදුවා මල්
නොනැවතී ගලා යයි

මහද පිබිදී සැලෙයි
ඉතිරෙයි සුවහසක් පැතුම්
ඔබ සමග ගයන්නට
තැත් කවමි ආයාසයෙන්
පුබුදන්න මගේ හඬ
මුමුණන්නෙමී මම
ගීතයක් නොවේමැයි
කිසි දිනක ඒ මිමිණිලි
ගිලී ගිය කෙඳිරිල්ලක්ම මිස

මගේ හදවත වෙලී යයි
බැඳී සිරවී ගොළුව යයි
නිරතුරුව ගලනා ඔබේ
අමර ගී දුහුලෙන් වෙලී
-.-


I know not how thou singest, my master! I ever listen in silent amazement.

The light of thy music illumines the world. The life breath of thy music runs from sky to sky. The holy stream of thy music breaks through all stony obstacles and rushes on.

My heart longs to join in thy song, but vainly struggles for a voice. I would speak, but speech breaks not into song, and I cry out baffled. Ah, thou hast made my heart captive in the endless meshes of thy music, my master!

-

(2)

සන් කරන සඳ ගයන්නට මට ඔබ
හද පිරෙයි උදම් වී
නගමි කඳුලින් පිරෙන මා නෙත්
දකින්නට ඔබේ වත

බිඳුණු කඩතොළු
කැඩුණු රළු කොන් ජීවිතේ ‍‍‍
දියව සැඟවෙයි මිහිරි තනුවක
මගේ තුති ගී පියාපත් විහිදා සරයි
ගුරුළු සේ තරණා
නිමක් නැති සයුරු හිස

මගේ ගීතය ඔබේ සවණත
පිනවනා බව දනිමි
ගීතයක් පමණක්ම වෙමි
මම ඔබේ ‍දෙපාමුල

විහිද යන ගී පියපතින්
පිරිමදිමි මම ඔබ දෙපා
නැගී උස්වී රඳන්නට මට
වරම් නැති කෙදිනවත් දෑඟිලි

මුසපත්ව ගැයුමෙන්
මුසපත්ව යයි මසිත දුබලව
අමතන්න ඔබ සොහොයුරා යැයි
සමිඳුනේ මා සමිඳුනේ...!
-.-

When thou commandest me to sing it seems that my heart would break with pride; and I look to thy face, and tears come to my eyes.

All that is harsh and dissonant in my life melts into one sweet harmony---and my adoration spreads wings like a glad bird on its flight across the sea.

I know thou takest pleasure in my singing. I know that only as a singer I come before thy presence.

I touch by the edge of the far-spreading wing of my song thy feet which I could never aspire to reach.

Drunk with the joy of singing I forget myself and call thee friend who art my lord.
-

(1)

නිමක් නොමැතිව ගලා යමි
ඔබ නිසා මම
ඒ ඔ‍බේ සිතැඟියි ඒ ඔබේ සතුටයි
සි‍ඳෙතත් නැවත නැවතත්
පිරෙයි ඉතිරෙයි නැවතත්
මේ දුබල මැටි බඳුන
සුවඳ පැතිරෙයි
නැවුම් ජීවනයේ

හැඬවේය අකාලික
නැවුම් ගී තනු රටා
ඔබේ සුසුමින් අවදිවී
මේ පරඬලා වස් දඬු හිසින්
කඳු සිකර ඕවිටි මැදින්

ඔබේ අතැඟිලි තුඩින් පිරිමැද
අමර පහසින් සලිතවෙයි ඉපිලයයි
මහද හඬ නැගෙයි මිමිණෙයි
වදන්වැල් දිව්‍යමය

ඔබේ නිම් නැති තිලිණ
පිරී ඉතිරෙයි මේ දිළිඳු දෝතේ මගේ
කල්පයෙන් කල්පය පිරෙයි
තවමත් එහෙත් හිඩැස් ඇත පිරෙන්නට
ලැබෙතත් කොතෙක් ‍අපමණ
-.-

Thou hast made me endless, such is thy pleasure. This frail vessel thou emptiest again and again, and fillest it ever with fresh life.

This little flute of a reed thou hast carried over hills and dales, and hast breathed through it melodies eternally new.

At the immortal touch of thy hands my little heart loses its limits in joy and gives birth to utterance ineffable.

Thy infinite gifts come to me only on these very small hands of mine. Ages pass, and still thou pourest, and still there is room to fill.