28.1.10

(11)

කාහටද ඔබ ගයන්නේ
හද බැතින් මල් පුදන්නේ
පියව ඇත දොර කවුළු දෙවොලේ
පියව ඇත නෙත් කවුළු ‍ඔබගේ
යදියනේ ඇයි යදින්නේ
අඳුර තුල ඇයි සොයන්නේ
පබළු ගණිමින් ගෙල වටා රැඳි
ඇඟිලි අග දියවූ නවගුණ වැලේ
හිස්ය දෙවසුන කොහිද දෙවිඳුන්
බලනු පිසදා මිරිඟු තිමිරය
මිදී ඇති නැණැසේ බැඳී

ඔබේ දෙවියෝ මවති ලෝකය
එදා මෙන් අද දිනත් තවමත්
නොනවතී ඒ මැවුම කිසිදින
මැවේ හැම අංශුවම නැවතත්
උපදිනා හැම මොහොතකම අළුතෙන්
සදාකල්හිම විශ්වයේ

කෙත සදන්නට
‍කරගැසුණු බිම
පොඟවමින් දා බිඳු වලින්
සී සාන්නට වෙහෙසෙනා තැන
මග තනන්නට
මහා ගල්කුළු
යකුළු පහරින් බිඳහෙලා
කැබලි කරමින් අතුරනා තැන
සිටිති දෙවියෝ ධුලි මඩ කුණු වැකි ගතින්
පලා ගොස් මේ දෙ‍වොල් බිම හැර
ලොව මවති ලේ බිඳු වලින්
හිරු රසේ පහසින් දැවී
වැහි දියේ සිහිලෙන් තෙමී

එන්න අතහැර මහරු පුදසුන
රනින් ඔප කර මැණික් පැළඳූ
ඇවිද යන්නට සමග දෙවියන්
පා නගා දුහුවිලි මතින්

අරුත් සුන් වදනකිය ගැලවුම
සදාකාලික මිහිරි සිහිනය
සියළු බැමි බිඳ පලායෑමේ
නිදහසේ නිවහල් ගිගිරි සොලවා
රඟන්නට පාවෙලා සැනසිලා
එක්වීම අපගේ මැවුම්කරු හා
බන්ධනයකිය සදාකාලික
එයම වේ මැවිල්ලත්
ශුද්ධ වු පරි ශුද්ධ වූ

අවදි‍වනු මැන බිඳා හැර බැමි
භාවනාවේ සිර ගෙයින් නික්මී
ඉවත ලා මල් සුවඳ දුම් පූජාසනේ
එන්න එකතුව මවන්නට ලොව
ධුලි ලේ දහදිය වැකී
සිනිඳු සළු පිළි මහරු ඇඟළුම්
දිරාපත් වැරහැලි වුනත්
කම් කිමද ඇයි එගැන ලතැවෙනු
එන්න අපි යමු එක්වෙලා
දෙබැම දා දිය බිඳු නැගී
හැලී විසිරී මල් වෙලා
පිදෙන්නට අපගේම පාමුල
ලොව මවන දෙවිඳුන් නමින්
ලොව තනන දෙවිඳුන් ලෙසින්
-.-


Leave this chanting and singing and telling of beads! Whom dost thou worship in this lonely dark corner of a temple with doors all shut? Open thine eyes and see thy God is not before thee!

He is there where the tiller is tilling the hard ground and where the pathmaker is breaking stones. He is with them in sun and in shower, and his garment is covered with dust. Put of thy holy mantle and even like him come down on the dusty soil!

Deliverance? Where is this deliverance to be found? Our master himself has joyfully taken upon him the bonds of creation; he is bound with us all for ever.

Come out of thy meditations and leave aside thy flowers and incense! What harm is there if thy clothes become tattered and stained? Meet him and stand by him in toil and in sweat of thy brow.
-

No comments:

Post a Comment