10.4.10


(27)

විසුරුවා ප්‍රේමයේ
උණුසුම් සුසුම් බිඳු
අවුලුවා ගිනි පුලිඟු
නොතිත් ආශා සිහින සෑයේ
දල්වන්න ...
ලතැවෙන ප්‍රභාතය
ගෙන එන්න ...
ගෙන එන්න ... අරුණල්ල
සොඳුරු ජීවනයේ ...

සැසැලෙන්න සිළුවක්
සිනාවක් වී
එදා අද කිසිදාක නොරැඳුනු
පහනක්ව හඬනා ...
මගේ හදවත
කොඳුරමින් රහසින් ...
පතා මරණය ...
මිදෙන්නට අඳුරින්
සදාකල් දැවෙනා ...
නුඹේ ඉරණම ...
අඳුරමද සැමදා ...?

කම්කටොළු දුක් කටු අකුල්
කඳුළු මල් පොදි ගෙන ඇවිත්
අඳුර විනිවිද නෙත් යො‍මා
ඔබේ ඇරයුම අත දරා
සන් කරති දොරකඩ
අහඹු හමුවට
ආදරේ ...

අහස ගුලිවී අඳුරු යහනේ
වගුරනා කඳුලින් තෙමී
නිනඳ වේ හද
කැළඹිලා
අරුත නොහැඟෙයි
මන්ද සරයෙන්
ගැයෙන ගීයේ ඉකි ගැසී
සුලං රැලි මැද
මිමිණිලා

අහඹුවෙන් සිත සසලවා
මේ කුලේ දැල්වී මිදී
දසත විසිරුන රිදී රැහැනේ
සැමිටි පහරින් රිදුන මා නෙත්
අඳුරු වී යන ඉසිඹුවේ ...

තනිව ගං තෙර අඳුරු මං පෙත
තනිව සරනෙමි සොය සොයා
රැයේ ආදර ගීත නාදය
ගලා එන ලිය ගොමුව
ඔබ වසනා

ඝන අඳුර ගල් පව්වක්ව නැගිලා බලයි
අහස ගුගුරයි මොරගසා
සුලං රැලි වැලපි වැලපී දුවයි
බිඳුනු අවපාතය පුරා ...

ගෙන එන්න අරුණල්ල
දල්වන්න ප්‍රභාතය
විසුරුවා ප්‍රේමයේ උණුසුම් සුසුම් බිඳු
අවුලුවා ගිනි පුලිඟු
නොතිත් ආශා සිහින සෑයේ
දල්වන්න ...
ලතැවෙන ප්‍රභාතය
ගෙන එන්න
අරුණල්ල
සොඳුරු ජීවනයේ ... !


-.-


Light, oh where is the light? Kindle it with the burning fire of desire!

There is the lamp but never a flicker of a flame---is such thy fate, my heart? Ah, death were better by far for thee!

Misery knocks at thy door, and her message is that thy lord is wakeful, and he calls thee to the love-tryst through the darkness of night.

The sky is overcast with clouds and the rain is ceaseless. I know not what this is that stirs in me---I know not its meaning.

A moment’s flash of lightning drags down a deeper gloom on my sight, and my heart gropes for the path to where the music of the night calls me.

Light, oh where is the light! Kindle it with the burning fire of desire! It thunders and the wind rushes screaming through the void. The night is black as a black stone. Let not the hours pass by in the dark. Kindle the lamp of love with thy life.

.

6.4.10


(26)

රැහැයියන් නිදි වැදුන මැදියමේ
සඳ සරැලි ගලා ගිය සයුරු තෙර
පා නගා නිහඬවම පැමිණි ඔහු
නිසසලව ඈඳිගෙන මා පසෙක
වයන්නට විය
සුරත රැඳි
වීණාව

නිනඳ විය
ස්වප්නය
උන්මාදනීය නිද්‍රාව
අතුල මා
දෑස් මත

ශාපලත් නිද්‍රාව
සොරාගති
මා පැතුම
දසුන
ඔහු වත

රාත්‍රි‍න්
එකින් එක
එකින් එක
ගෙවී යයි

බි‍ඳී
සසැලෙන
ආත්මය
ඉකි ගසයි
දුර්භාග්‍යයේ
වේදනාවෙන්

සදා
අහිමිද ඒ
හමුවීමේ
චමත්කාරය ...?

සුසුමක
සුවඳ රැඳි
ස්වප්නයක්
ලෙසින්ම මිස ...


-.-


He came and sat by my side but I woke not. What a cursed sleep it was, O miserable me!

He came when the night was still; he had his harp in his hands, and my dreams became resonant with its melodies.

Alas, why are my nights all thus lost? Ah, why do I ever miss his sight whose breath touches my sleep?
.

2.4.10


(25)

සඳ රේණු සැඟ‍වෙන්න
මගේ නෙත් නොරැ‍ඳෙන්න
තරු ඇසුත් පියවෙන්න
ඉඟි බිඟිය නොපෙනෙන්න
නවතින්න නැවතෙන්න
පියැවෙන්න නෙතු පිය මගේ

වලාකුළු දුව එන්න
අහස් ගඟ පුරවන්න
සළුවක්ව ඇතිරෙන්න
තිමිර‍යව පැතිරෙන්න
නෙතු පියා නිදියන්න
සැනසෙන්න මට මේ රැයේ

කඳුළු මල් විතරමයි
සුසුම් සුවඳයි තමයි
එපා මා හඬවන්න
අද නොහැක සරසන්න
කැකුළු මල් විසුරුවා
පුදසුනේ මගෙ ආදරේ

තුෂර බිඳු දරා අත
වලාසළු අගින් බැස
හෙමින් විත් සිප ගන්න
විඩාබර මා දෙනෙත
සිහිනයක හංගන්න
ලියැවෙන්න කවි වැල් සිතේ

මද්දහනෙ රිවි කිරණ
රිදවු නෙතු දිය දොවා
රැයේ සළුවෙන් වසා
පියාපත් පුබුදුවා
කොඳුරන්න සවනතට
ගී තනුව ගැයෙනා උදේ

-.-


In the night of weariness let me give myself up to sleep without struggle, resting my trust upon thee.

Let me not force my flagging spirit into a poor preparation for thy worship.

It is thou who drawest the veil of night upon the tired eyes of the day to renew its sight in a fresher gladness of awakening.
.