2.2.10

(15)

මේ විසල් දෙවොල් බිම අගුපිලක කෙලවරක
මද අඳුර මැද සැඟව ගයමි මම ජීවිතය

මදනලෙහි අග රැඳුන ඔය සිඟිති රැලි පොඩිති
සිනා ගන්වන්නේ මමයි දෙවොල් බිම සරසන්න

රෑ අහස තරු කැකුළු ඉඟි මරන රිද්මයේ
රහස මගෙ ගීතයයි ඔබ නමින් මා ගයන

ජීවිතය විකසිතව ගීතයේ ස්වර වෙයි
මිදී යයි අනායාසයෙන්
පාව යනු මිස ගීතයක් වී
දෙවොල් බිම සිසාරා
නොමැත අන් අරමුණක්
මේ දුබල දුහුවිලි බිඳට

තරු නිදන සඳ නොමැති රෑ
අඳුරු දෙවොලේ
නිහඬ මැදියම් වන්දනාවේ
මොහොතෙදීවත් සන් කරනු මැන මට
නැගෙන්නට රැ‍ඳෙන්නට
ගයන්නට ඔබ අසල

පිරිමැදී හිමිදිරි මද නලින්
සර නැගෙන කල ස්වර්ණ වීණාවේ තත්
සන් කරනු මැන මේ දුහුවිලි බිඳට
නැගෙන්නට රැඳෙන්නට
ඔබේ සුසුදු වූ දෙපාමුල
ඉපිල යන්නට ඒ මාධූර්යයෙන්
-.-


I am here to sing thee songs. In this hall of thine I have a corner seat.

In thy world I have no work to do; my useless life can only break out in tunes without a purpose.

When the hour strikes for thy silent worship at the dark temple of midnight, command me, my master, to stand before thee to sing.

When in the morning air the golden harp is tuned, honour me, commanding my presence.
-

No comments:

Post a Comment