(30)
ඈත සඳ දිය ගඟින් එගොඩහ
සක්වලේ දුර කෙලවරේ
ඔබේ පියවර ලකුණු රැඳවුනු
නිහඬ මන්දාකිණිය වෙරලත
පිය නගමි මම පා පොඟා
සුවඳ සුදු මල් තිමිරයේ
කැකුළු තරුවක මදහසේ
පැතුම් පිබිදී නෙත් වැසේ
හුදකලාවේ සිහිලසේ
සිහින් සිනහව මට ඇසේ
ඔබේ කුටියේ කවුළුවේ
කදා පත් ඉරු මත ලියා කවි
පහන් සිළුවක් සෙමින් නැලැවෙයි
මගේ පියවර හඬ ඇසී
දෙතොල මිමිණෙන
සොඳුරු ගී පද බිඳ දමා
මට හොරා මා පසුපසින් විත්
අඳුරු සෙවනැලි අතර සැඟවී
දෝත දිගුකර වසා මා නෙත්
‘හඃ..හා... හා... හා...’
කියා හඬ ගා වියරුවෙන්
එබී මා වෙත
යොමා රතු නෙත්
උල් නියෙන් සිත පිරිමදී
මගේ දුඃඛිත ආත්මය මොරගා
නොඇසුණා සේ මෑත් වී යමි
එහෙත් නොහැකිය ඈත් වන්නට
දුව දුවා මග කලඹවාලයි
විසුරුවා තිමිරය ඉරා
කඨොර ස්වරයෙන් ගී ගයා
නිහඬ කරවා නිහඬ ගීතය
මා වටා ගැයෙනා
එතී සැඟවෙමි කළු වළා වේ
ගලා එන මා ආත්මය දියැවී
අවමනින් කට කොණින් හිනැහී
කණට කොඳුරා වියරු බස් දොඩනා
කැටි ගැසෙන සඳ දියෙහි පාවෙන
පියුම් සුවඳින් සුවඳ වී ඇති
ඔබේ කුටියට දිවෙන මං පෙත
බොඳව යයි සුසුමක මැකී
ඈත සඳ දිය ගඟින් එගොඩහ
සක්වලේ දුර කෙලවරේ
නිහඬ මන්දාකිනිය වෙරලත
සුවඳ සුදු මල් තිමිරයේ
-.-
I came out alone on my way to my tryst. But who is this that follows me in the silent dark?
I move aside to avoid his presence but I escape him not.
He makes the dust rise from the earth with his swagger; he adds his loud voice to every word that I utter.
He is my own little self, my lord, he knows no shame; but I am ashamed to come to thy door in his company.
.
1 comment:
We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.
Thanks
Admin
http://blogsinhala.com/
Post a Comment