26.5.10


(29)

ගෙනෙමි මම ගල් ගඩොළු
ගෙනෙමි තව තව ගෙනෙමි
පෙලින් පෙල පෙල ගසමි
එකින් එක මත රඳමි
බිතක් වී නැගෙන්නට
වලාකුළු අගිසි තෙක්
පව්වක්ව වටකුරුව
විසල් දඟ ගෙයක්වී

සුලි නැගෙන සුළං රැළි
නිය අගින් පාරවා විසුරුවන
ධූලි වැලි ‍එකතු කර
නොවියලුනු ලවණයෙන්
බදාමයකට අනා තවරමි
වසා අවුරමි සිඟිති සිදුරුත්

සිනාසෙන හිරු එළිය
ගලායන සඳ දියර
පරාවර්තනය වී
මේ මහා පවුරතින්
ඔප නැගෙයි මා දෙනෙත
පිරෙයි අභිමානයෙන්

දොර කවුළු සිදුරු නැති
පවුර මැද ගුහාවෙහි
නගනු නොහැකිව දෙ අත්
බිතට යදමින් බැඳුණු
කෙඳිරිල්ලක්ව පීදෙන සුසුම්
පමණකින් වැලපෙමින්
බි‍ඳෙන් බිඳ විලීනව
අන්ධකාරය වී කැටිගැසෙයි
මටම පමණක් මුණ ගැසුණු
මගේම ආත්මය ...!

-.-

He whom I enclose with my name is weeping in this dungeon. I am ever busy building this wall all around; and as this wall goes up into the sky day by day I lose sight of my true being in its dark shadow.

I take pride in this great wall, and I plaster it with dust and sand lest a least hole should be left in this name; and for all the care I take I lose sight of my true being.

.

No comments:

Post a Comment