(24)
සියොත් ගී නෑසෙයි
විඩාපත්ව නැවතී සුසුම්ලයි
මල් සුවඳ සමග
කෙළිදෙලෙන්
දඟකල සුළඟ
නිමා වී ඇති සේය
නිමක් නොපෙනුනු ඉඟි නළුව
ඉතින් එන්න නොපමාව
අන්ධකාරයේ ඝනකම් කඩතුරාව ඇද
පියවන්න මේ රඟමඬල
මිලින වී නොපෙනී
සැඟව යන්නට මට
මිහිතලය සනසා
නිද්‍රාවේ කම්බිලිය පොරවා
ගොම්මනේ නිදි කිරන
සියපතේ පෙති
එකිනෙක ...
එකිනෙක ...
ආදරෙන් පියවන්නා සේම ඔබ ...
අසරණවු මගියාය මා
හිස්ව ඇත මා ගමන් පැස
අන්තය නොදුටු ගමනෙහි අතරමග
කඩමාළුය හැඳිවත
දුහුවිල්ලෙන් වැසුණු ගත
දියව ගිය දිරිය
නොනැගෙයි දෙපා
පැකිලෙමින් තතනන
එන්න ඉතින්
පිසලන්න මේ අවමානයේ කදුළු
දිළිඳු අසරණ මා නෙතින්
පෙති හැලෙන පුෂ්පයක
සිඳී යන ජීවය
සදාතන සුවඳක
සඟවන්නා සේ ම ඔබ
දයාබර රාත්‍රියේ
අඳුරු සළුවෙන්
මුවාකර
පිබිදෙන්න කැකුලක්ව
අරුණෙහි
පහස විඳ
සිනාසෙන.
-.-
If the day is done, if birds sing no more, if the wind has flagged tired, then draw the veil of darkness thick upon me, even as thou hast wrapt the earth with the coverlet of sleep and tenderly closed the petals of the drooping lotus at dusk.
From the traveller, whose sack of provisions is empty before the voyage is ended, whose garment is torn and dustladen, whose strength is exhausted, remove shame and poverty, and renew his life like a flower under the cover of thy kindly night.
.