26.5.10


(29)

ගෙනෙමි මම ගල් ගඩොළු
ගෙනෙමි තව තව ගෙනෙමි
පෙලින් පෙල පෙල ගසමි
එකින් එක මත රඳමි
බිතක් වී නැගෙන්නට
වලාකුළු අගිසි තෙක්
පව්වක්ව වටකුරුව
විසල් දඟ ගෙයක්වී

සුලි නැගෙන සුළං රැළි
නිය අගින් පාරවා විසුරුවන
ධූලි වැලි ‍එකතු කර
නොවියලුනු ලවණයෙන්
බදාමයකට අනා තවරමි
වසා අවුරමි සිඟිති සිදුරුත්

සිනාසෙන හිරු එළිය
ගලායන සඳ දියර
පරාවර්තනය වී
මේ මහා පවුරතින්
ඔප නැගෙයි මා දෙනෙත
පිරෙයි අභිමානයෙන්

දොර කවුළු සිදුරු නැති
පවුර මැද ගුහාවෙහි
නගනු නොහැකිව දෙ අත්
බිතට යදමින් බැඳුණු
කෙඳිරිල්ලක්ව පීදෙන සුසුම්
පමණකින් වැලපෙමින්
බි‍ඳෙන් බිඳ විලීනව
අන්ධකාරය වී කැටිගැසෙයි
මටම පමණක් මුණ ගැසුණු
මගේම ආත්මය ...!

-.-

He whom I enclose with my name is weeping in this dungeon. I am ever busy building this wall all around; and as this wall goes up into the sky day by day I lose sight of my true being in its dark shadow.

I take pride in this great wall, and I plaster it with dust and sand lest a least hole should be left in this name; and for all the care I take I lose sight of my true being.

.

2.5.10


(28)

නිහඬ වෙරලස වැලිතලාවේ
පිපී හිනැහෙන ලියැවිලා
විහිද යන ඔබ පා ලකුණු ලඟ
විඩාබර වී නැවතිලා
බලා ඉමි මම මගේ පා බැඳි
යදම් වැල් දෙස බල බලා
මුදා විසිකර හඹා එන්නට
දෑත ලතැවෙයි පැකිලෙමින්

නීල ගගනත දෙස යොමා නෙත්
හීන පුබුදන වෙලාවේ
මීන සිතුවිලි රෑන පතතත්
අතැර දියවර සාගරේ
නැගී අහසට සියොත් කැලසේ
පියාඹන්නට පියාපත්

දීන හිරු රස් ගලා දවලා
වියලි සුල‍ඟේ විසිරවී
සිඳෙන සිතිවිලි සයුර තැන තැන
දිය කඩිති තුල සිරවෙලා
මියෙත් කුඩ මස් පැතුම් පොදි පණ
ගැහි ගැහී නෙත් මුව අයා

බලා ඉන්නෙමි මහඟු මිණ දෙස
රිදී අරුණළු රලක හිනැහෙන
ඔබේ පිවිතුරු සුසුදු ආදරයේ
අමිල ප්‍රේමය සදා මිතුදම
එකම එක වදනක මිලක් මුත්
සල්පිලේ කවුළුවට එපිටින්
අත දරා මම කදා මිණි කැට
ඇහිඳ ගත් ගල් කැබලි කැබිලිති
බලා ඉන්නෙමි බලා ඉන්නෙමි
බලා ඉන්නෙමි නෙත් පියා

මරණයේ කළුවරත් ධූලිත්
මගේ පිලිකුල් සළු පිළිය අද
කෝපයෙන් සිත මොර ගසන මුත්
තුරුළු වෙමි සිරසත් වසා
අඳුර මැද උණුසුම පතා
හිස්ය මා සිත හිස්ය මා අත
හිමාලය උරිසෙන් දරා ඉමි
ජීවිතේ ගිරි හෙලේ පතුලේ
හිස නගා ඔබ දෙස බලන්නට
නෙතු පියන් අවනත නොවේ
තැති ගැනී සිත සලිත වෙයි
‍උරුම නැත මට නුසුදුසුය මම
සිඹින්නට වත් ඔබ දෙපා රැඳි
ධූලි බිඳුවක් සුවඳ රැඳවුනු
ඔබේ පිවිතුරු ආදරේ ...!
-.-

Obstinate are the trammels, but my heart aches when I try to break them.

Freedom is all I want, but to hope for it I feel ashamed.

I am certain that priceless wealth is in thee, and that thou art my best friend, but I have not the heart to sweep away the tinsel that fills my room.

The shroud that covers me is a shroud of dust and death; I hate it, yet hug it in love.

My debts are large, my failures great, my shame secret and heavy; yet when I come to ask for my good, I quake in fear lest my prayer be granted.

.