10.11.25

(45)

ඇසෙනවා නේද? ඒ නිහඬ පා හඬ?
පැමිණේය ඔහු, පැමිණේය ඔහු, නොවැරදීම පැමිණේය ඔහු...

සෑම නිමේෂයකම, සෑම යුගයකම, සෑම දිනයකම, සෑම රාත්‍රියකම
පැමිණේය ඔහු, පැමිණේය ඔහු, නොවැරදීම පැමිණේය ඔහු...

ගැයූයෙමි මම දහසකුත් ගී, රඳා දහසක් හැඟුම් සිතිවිලි
එහෙත් මේ එකම ස්වරම නිනඳ විය ඒ සෑම ගීයක 
පැමිණේය ඔහු, පැමිණේය ඔහු, නොවැරදීම පැමිණේය ඔහු...

හිරු එළිය තැවරී මල් සුවඳ ඉහිරෙන
වසන්ත වන මං පෙත දිගේ....
පැමිණේය ඔහු, පැමිණේය ඔහු, නොවැරදීම පැමිණේය ඔහු...

තිමිර සළු බොඳව ගිය වස්සාන අඳුර මැද
අසනි ගුගුරන මේකුළු රථය පදවා
පැමිණේය ඔහු, පැමිණේය ඔහු, නොවැරදීම පැමිණේය ඔහු...

රිදුම් දෙන සෑම රිදුමක් රිදුමක්ම පාසා...
ඒ නිහඬ පා හඬයි පිරිමදින්නේ මගේ හදවත
ඒ ස්වර්ණමය පහසමයි දිදුළුවන්නේ මගේ ප්‍රමෝදය...!

පැමිණේය ඔහු, පැමිණේය ඔහු, නොවැරදීම පැමිණේය ඔහු...
 -.-
Have you not heard his silent steps? He comes, comes, ever comes. 
Every moment and every age, every day and every night he comes, comes, ever comes. 
Many a song have I sung in many a mood of mind, but all their notes have always proclaimed, ‘He comes, comes, ever comes.’ 
In the fragrant days of sunny April through the forest path he comes, comes, ever comes. 
In the rainy gloom of July nights on the thundering chariot of clouds he comes, comes, ever comes. 
In sorrow after sorrow it is his steps that press upon my heart, and it is the golden touch of his feet that makes my joy to shine.  .

28.2.25

(44)

ගිම්හාන අගිස්සේ වැහි කඳුළු බිඳු හැලෙන 
හිරු එළිය බිඳු එක්ක අඳුරු හෙවනැලි නටන
මතක මං පෙත් ඉවුර මත නැවතී
මග බලා හිඳීමයි ‍ආහ්ලාදය මගේ අද

කොහේදෝ නන්නාඳුන අහසක
ලියැවුණු වළාකුළු හසුන් අරගෙන
හනි හනික පියපත් සලන සුළං රැළිවල
මියුරු සුවඳින් ඉපිලෙයි මහද

අරුණල්ලේ නිදිගත් රාත්‍රිය අවදිව
පිසලන තුරුම සන්ධ්‍යාවේ මන්දස්මිතිය
නෙත් අයා සිටිමි මම වැතිර මේ දොරටුව අසල
දනිමි මම අහඹු මොහොතක 
ලඟාවන බව ඒ ප්‍රීතියේ නිමේෂය

සිනාසෙමි, ගී ගයමි, 
හුදකලාවෙහි තනිව
හාත්පස පිරී සසැලෙන 
බලාපොරොත්තුවේ සුගන්ධයෙන් මත්ව
 -.-
This is my delight, thus to wait and watch at the wayside where shadow chases light and the rain comes in the wake of the summer. 
Messengers, with tidings from unknown skies, greet me and speed along the road. My heart is glad within, and the breath of the passing breeze is sweet. 
From dawn till dusk I sit here before my door, and I know that of a sudden the happy moment will arrive when I shall see. 
In the meanwhile I smile and I sing all alone. In the meanwhile the air is filling with the perfume of promise.
 .