23.8.22

(41)

ධූලි පිරි මාවතෙහි නැගෙන පා සයුර ඉම
ඔබ නමින් මා නෙළූ රත් පියුම් පැස දරා 
මග බලා හිඳිමි මම....

පිය නගන්නේ උහු
තඹයකට නොතකා ඔබ
තෙරපවා පසෙකට කර…

පැයෙන් පැය ගෙවී යයි
මග සරන අත් දිගුව
එකින් එක පැහැර ගෙන
මල් පැසෙහි මල් සිඳෙයි...
සුපෙම්වත කොහි ද ඔබ?

විඩාපත් නෙත් යොමා
සොයමි මම ඔබේ වත
මේ මිනිස් කැල පසුපස…
අඳුරු සෙවනැලි අතර...

උදාසන අවසන්ව
දහවල ද ගෙවී ගොස්
සැඳෑ හේඩාව යට
මගේ නෙත් නිදිබරය
සාළුවෙන් වත වසා
මග අසල හිඳ සිටින
සිඟන දැරියක්මි මම

මද සිනා දෙති පිරිමි
නිවෙස් වෙත පිය නගන
අවමනින් පුරවා මසිත
මොහොතකට නැවතී
‘යදින්නේ කුමක්දැ' යි
විමසනා කල උහු...
නෙත් යොමා පොළවට
නිරුත්තර වෙමි මම

කෙසේ නම් කියන්න ද
යදින්නේ ඔබම වග
ඔබ සථප කල අයුරු
පැමිණෙනා බව මෙමග
කෙසේ මුමුණමි ද මම
මට උරුම දායාද ය
මේ දිළිඳුකම පමණක්ම බව

වැළඳගමි සඟවගමි
හදවතේ පතුලතෙහි
මම මගේ ආඩම්බරකාර රහස...!

මේ විසල් තණබිමෙහි
හුදකලා වී මම නෙත් යොමමි අහසට
අන්න...
ඔබේ හදිසි ආගමනයේ
උත්කෘෂ්ඨ සිහිනය...

සිසාරා පහන් එළි විහිදුවා
රන්වනින් ධජ පතාක ලෙලවා
ඔබ රැගත් මංගල රථය පැමිණෙයි...
මග දෙපස සියල්ලෝ
අයාගත් මුවින් බලා සිටිති

ඔබ අසුනින් නැගී පැමිණ
මේ ධුලියෙන් නගා සිටුවා
දෝතින්ම ඔසවා
ඔබ පසෙකින් හිඳුවා ගන්නායුරු....

අභිමානයෙන් වික්ෂිප්තව
ගිම්හාන නල රලක
තිගැස්සෙන ලතාවක් මෙන්
සලිත වන මේ හිඟන කෙල්ලව...

කාලය සැසලි සැසලී
ඈත ඈතට පාව යයි
එනමුදු තවම
ඔබේ මංගල රියෙහි
රිය සක හඬන හඬවත් නොඇසෙයි

ශබ්දයෙන් ද ඝෝෂාවෙන් ද
ආඩම්බරයෙන් ද ආධ්‍යව
කොතෙකුත් පිරිස්, පෙරහර,
මා පසුකර ඇදෙත්...

සුපෙම්වත...
මේ ගලායන ගඟුලින් එතෙර
අඳුරු සෙවනැලි අතර සැඟවී
නිහඬව බලා ඉන්නේ ඔබම පමණක් ද?

සුපෙම්වත...
නිෂ්ඵලව යන ප්‍රාර්ථනාවකට ලොබ බැඳ
ඉරුණු හදවතක කඳුළු සඟවා
නිහඬ අඳුරක වැලපෙන්නේ මමම පමණක් ද?
 -.-
Where dost thou stand behind them all, my lover, hiding thyself in the shadows? They push thee and pass thee by on the dusty road, taking thee for naught. I wait here weary hours spreading my offerings for thee, while passers-by come and take my flowers, one by one, and my basket is nearly empty.

The morning time is past, and the noon. In the shade of evening my eyes are drowsy with sleep. Men going home glance at me and smile and fill me with shame. I sit like a beggar maid, drawing my skirt over my face, and when they ask me, what it is I want, I drop my eyes and answer them not.

 Oh, how, indeed, could I tell them that for thee I wait, and that thou hast promised to come. How could I utter for shame that I keep for my dowry this poverty. Ah, I hug this pride in the secret of my heart.

I sit on the grass and gaze upon the sky and dream of the sudden splendour of thy coming---all the lights ablaze, golden pennons flying over thy car, and they at the roadside standing agape, when they see thee come down from thy seat to raise me from the dust, and set at thy side this ragged beggar girl a-tremble with shame and pride, like a creeper in a summer breeze.

But time glides on and still no sound of the wheels of thy chariot. Many a procession passes by with noise and shouts and glamour of glory. Is it only thou who wouldst stand in the shadow silent and behind them all? And only I who would wait and weep and wear out my heart in vain longing?