13.6.10


(34)

දැවී දැවී දැවී මැකී සුල‍ඟෙ විසිරිලා
සඳුන් හරක් වී වියැකෙමි සුවඳ පොදක් වී
ජීවිතයම සුවඳ කෙරූ
සිත පිරවූ ඔබේ සුවඳ
පමණක් වී හැමදාටම
ඉන්න නැවතිලා

මියෙන මලක ගිලිහෙන පෙති ලෙසින් ගිලිහිලා
සැඟවෙයි අන් සියළු පැතුම් රත් පියුමක් වී
පිබිදෙමි මම රැඳවෙන්නට
ඔබ අසලම හැමදාටම
ඔබේ පහස උණුහුම විඳ
ඉන්න සැනසිලා

පිපෙමි දිලෙමි පුන්සඳ සේ අහස පුරවලා
දිවයුරු ඔබ හෙලන සිනා කිරණින් පිර වී
ඔබේ ප්‍රභා පමණින් මම
හිනැහෙමි අඩසඳ විලසට
ඔබ නැතිදා අඳුර තුලම
හිඳිමි සැඟවිලා

පියඹමි මම ජීවිතයේ බැඳුම් මුදවලා
රැඳෙන්න ඔබගේ ගීයේ දැහැනේ සිර වී
ඔබ ගයනා හැම ගීයම
සිත රඳවා මුමුණමි මම
ජීවිත​යම ආදරයේ
සුවඳ ඉතිරිලා

-.-

Let only that little be left of me whereby I may name thee my all.

Let only that little be left of my will whereby I may feel thee on every side, and come to thee in everything, and offer to thee my love every moment.

Let only that little be left of me whereby I may never hide thee.

Let only that little of my fetters be left whereby I am bound with thy will, and thy purpose is carried out in my life---and that is the fetter of thy love.
.

11.6.10


(33)

මලක පෙතිමත පරිස්සමින් පා තබා සැරිසරන
පුංචි කුහුඹුවන් සේ ජීවිතය හරහා ඇවිද ආ උහු
ලබැඳිව හිතවත්ව තුරුළුව
ආයාචනාත්මක දෑස් ඔසවා
ඉල්ලූහ රැඳෙන්නට
පුංචිම පුංචි ඉඩකඩක්

අවිහිංසක අහිංසක මල් පෙති අග
සැහැල්ලුවෙන් සිඟිති පා නගා සරන
පුංචි කුහුඹුවන් සේ ඇවිද විත්
දෑත් එක්කොට මා අසල හිඳ
මිමිණූහ යාතිකා
නියාළුව මා දෙස බලා
කීහ උහු
ඔබේ යැදුම නම් අපෙත් යැදුමයි
ඔබේ සතුට නම් අපෙත් සතුටයි
ඔබේම සිඟිති සිතිවිලි වෙමු අපි
අවිහිංසක අහිංසක මල් පෙති අග
සැහැල්ලුවෙන් සිඟිති පා නගා සරන
පුංචි කුහුඹුවන් සේ ඇවිද යන

‍රාත්‍රියේ අන්ධකාරය
පියැවෙන තාරකා නෙත් වසා
කඳුමුදුනතින් බැස විත්
මගේ කුටියේ කවුළුවේ
පියන්පත් වසන යාමයේ
මට දැනේ උන් දුව පනිනු

විවර කර ඇතුළු ගැබ
වැදී දෙවොලට
පුදසුන මතට
අසික්කිත ආශාවෙන්
ඩැහැගන්නා අයුරු
කිලිටි අත් දිගුකර
ශුද්ධවූ සෙනෙහසින්
ඔබේ පාමුල රැඳවූ
සුසුදු මල් පෙති
සුවඳ දුම්....!
-.-

When it was day they came into my house and said, ‘We shall only take the smallest room here.’

They said, ‘We shall help you in the worship of your God and humbly accept only our own share in his grace’; and then they took their seat in a corner and they sat quiet and meek.

But in the darkness of night I find they break into my sacred shrine, strong and turbulent, and snatch with unholy greed the offerings from God’s altar.
.

8.6.10


(32)

පියාපත් අරගෙන ගලා විත්
සිනාසී අරුණළු දිගේ
පතාවත් නැති සුසුදු සුවඳක්
සිනාසෙයි සිත කෙලවරේ

ගලායන ගඟුලේ ගලායමි
පියාඹමි අහසේ නැගී
මුදා බැමි රන් කඩතුරාවේ
සිරගෙදර පෙම් පුදසුනේ

නිදාගත් සියපතේ පෙති මත
හිනාවෙන පිණිබිඳු උදේ
කියාදෙයි ඔබ ඇවිත් ගියවග
සෙනෙහසේ සුව සිත පිරේ

කියූවත් නොකියුවත් ඔබේ නම
යාතිකාවේ ගොම්මනේ
හමාඑන පවනේ සරැළි තුල
ඔබේ ගී හඬ මට ඇසේ

ගැයූවත් නොගැයුනත් ගීතය
නිනඳ දෙන සන්තානයේ
ආදරේ රහසින් ලියා ඇත
සිනාසෙන සයුරේ රළේ

-.-

By all means they try to hold me secure who love me in this world. But it is otherwise with thy love which is greater than theirs, and thou keepest me free.

Lest I forget them they never venture to leave me alone. But day passes by after day and thou art not seen.

If I call not thee in my prayers, if I keep not thee in my heart, thy love for me still waits for my love.
.

7.6.10


(31)

“පවසන්න සිරකරුව, කවුරුන්ද බැඳ දැමුවේ නුඹව මේ යදමින්?”

“ඒ මගේ නිරිඳුන්ය” පැවසීය සිරකරු ...

“උද්දාම වීමි මම
පැරදවිය හැකියැයි
ධනයෙනුත් බලයෙනුත් ...
සැමදෙනා මා වටා සිටි.

තැනීමි මම මගේම වූ රත්නාගාරයක්
සම්පතින් මගේම නිරිඳුන්ගේ ...

උමතුවේ නිද්‍රාවෙන් පීඩිතව
වැතිරුනෙමි මම
යහනෙහි මගේම නිරිඳුන්ගේ ...

අවදිවූයෙමි බැඳී මේ යදමින්
සිරකරුවකුව මගේම නිදන්ගැබෙහි ...”

“පවසන්න සිරකරුව, කවුරුන්ද තැනුවේ මේ යදම නොබිඳෙන?”

“ඒ මමය” පැවසීය සිරකරු ...

“සිතුවෙමි අනභිභවනීය වෙමැයි මම
තැනුවෙමි මේ යදම ඉතාමත් සුක්ෂමව.
තබන්නට විසල් විශ්වයම සිරකොට
සරන්නට නිදහසේ
මටම පමණක් ... මටම පමණක්
සියළු බාධා දුරුව ...

ද්වේෂයේ ගිනි අඟුරු
ඉච්ඡාවේ හා මුසාවේ
සුලඟින් ගිනි පිඹ තැනූ
විසල් ගිනිමැලයක පලහා
මැටි පිඬක පදමට
මෙලෙක් කල ලෝ කඩ
තල තලා වෛරයේ
කර්කෂ යකුළු පහරින්
ලෝ පදම සකසා

දිවා රෑ නොනැවතී
නොනැවතී තැනුවෙමි
පුරුකෙන් පුරුක
පුරුකෙන් පුරුක
සීරුවෙන් ගලපා

නොබි‍ඳෙන්න
නොසැලෙන්න
අවසනෙහි මෙලෙසින්
දෑත් දෙපා බැඳී
අසරණව සිරවෙන්න
මා තැනූ යදමින්ම ...”

-.-

‘Prisoner, tell me, who was it that bound you?’

‘It was my master,’ said the prisoner. ‘I thought I could outdo everybody in the world in wealth and power, and I amassed in my own treasure-house the money due to my king. When sleep overcame me I lay upon the bed that was for my lord, and on waking up I found I was a prisoner in my own treasure-house.’

‘Prisoner, tell me, who was it that wrought this unbreakable chain?’

‘It was I,’ said the prisoner, ‘who forged this chain very carefully. I thought my invincible power would hold the world captive leaving me in a freedom undisturbed. Thus night and day I worked at the chain with huge fires and cruel hard strokes. When at last the work was done and the links were complete and unbreakable, I found that it held me in its grip.’
.

5.6.10


(30)

ඈත සඳ දිය ගඟින් එගොඩහ
සක්වලේ දුර කෙලවරේ
ඔබේ පියවර ලකුණු රැඳවුනු
නිහඬ මන්දාකිණිය වෙරලත
පිය නගමි මම පා පොඟා
සුවඳ සුදු මල් තිමිරයේ

කැකුළු තරුවක මදහසේ
පැතුම් පිබිදී නෙත් වැසේ
හුදකලාවේ සිහිලසේ
සිහින් සිනහව මට ඇසේ
ඔබේ කුටියේ කවුළුවේ
කදා පත් ඉරු මත ලියා කවි
පහන් සිළුවක් සෙමින් නැලැවෙයි
මගේ පියවර හඬ ඇසී

දෙතොල මිමිණෙන
සොඳුරු ගී පද බිඳ දමා
මට හොරා මා පසුපසින් විත්
අඳුරු සෙවනැලි අතර සැඟවී
දෝත දිගුකර වසා මා නෙත්
‘හඃ..හා... හා... හා...’
කියා හඬ ගා වියරුවෙන්
එබී මා වෙත
යොමා රතු නෙත්
උල් නියෙන් සිත පිරිමදී
මගේ දුඃඛිත ආත්මය මොරගා

නොඇසුණා සේ මෑත් වී යමි
එහෙත් නොහැකිය ඈත් වන්නට
දුව දුවා මග කලඹවාලයි
විසුරුවා තිමිරය ඉරා
කඨොර ස්වරයෙන් ගී ගයා
නිහඬ කරවා නිහඬ ගීතය
මා වටා ගැයෙනා

එතී සැඟවෙමි කළු වළා වේ
ගලා එන මා ආත්මය දියැවී
අවමනින් කට කොණින් හිනැහී
කණට කොඳුරා වියරු බස් දොඩනා

කැටි ගැසෙන සඳ දියෙහි පාවෙන
පියුම් සුවඳින් සුවඳ වී ඇති
ඔබේ කුටියට දිවෙන මං පෙත
බොඳව යයි සුසුමක මැකී
ඈත සඳ දිය ගඟින් එගොඩහ
සක්වලේ දුර කෙලවරේ
නිහඬ මන්දාකිනිය වෙරලත
සුවඳ සුදු මල් තිමිරයේ
-.-

I came out alone on my way to my tryst. But who is this that follows me in the silent dark?

I move aside to avoid his presence but I escape him not.

He makes the dust rise from the earth with his swagger; he adds his loud voice to every word that I utter.

He is my own little self, my lord, he knows no shame; but I am ashamed to come to thy door in his company.
.