24.2.10


(21)

හමන්නට අමතකව නැවතුනු
විඩාපත් වූ නල රලක්
දියෙන් තෙමුනද ගඟේ ඉවුරේ
නිදාපත් වූ ඔරු කඳක්
මැකී යන්නට පා ලකුණු යට
ගං ඉවුර සරනා
වැලි තලාවේ ඇඟිලි තුඩගින්
කුරුටු ගෑවෙයි ජීවිතේ

වසන්තය ඇවිදින් ගිහින්
පිපුණු මල් වල පෙති හලා
සුලං රැලිවල සුවඳ බිඳු නැත
කොතෙක් සෙව්වත් ලය පුරා
අඟුරු කැටයක අඳුරු පැහැයෙන්
අහස මත ඇඳි බොඳ ඉරක්
වර්ණ ගිලිහුණු ඉන්ද්‍ර චාපය
මේ කුලක් ලඟ තනිවෙලා

ගිගිරි සෙලවෙන නදින් හිනැහුනු
ඉවුර ගල් කුළු මත පිපී
ගඟේ දිය රළ දුව දුවා විත්
අඬා හැපෙමින් ඉකි බිඳී
නිදන්නට යන මහළු තුරු පත්
කහව නටුවෙන් ගිලිහිලා
තැත් කවත් පියඹන්න ආයෙත්
විසිරිලා මං පෙත පුරා

තුරු ලතා වුව ගී ගයා සිත ලඟම ගැවසුනු
දවස් දියවී වියැකිලා
සියොත් රල නැති හිරු සඳුත් නැති අහස හිස්වී
අඳුරු සළුවක දැවටිලා
කිතිකවා සිත පුබුදුවා මල් මුදා රොන් සුණු
ඉගිල යන්නට සමනළුන්
සක්වලේ දුර ඈත කෙලවර ඉපිද හැ‍ඬවුනු
අමර ගී සර දිව හඬින්
නැද්ද පිබිදී පවන සසලා ඉගිල එන්නේ
ගලා ගං දිය තල මතින් ...?

-.-


I must launch out my boat. The languid hours pass by on the shore---Alas for me!

The spring has done its flowering and taken leave. And now with the burden of faded futile flowers I wait and linger.

The waves have become clamorous, and upon the bank in the shady lane the yellow leaves flutter and fall.

What emptiness do you gaze upon! Do you not feel a thrill passing through the air with the notes of the far-away song floating from the other shore?
.

19.2.10


(20)

නොනෙලු පියුමක සුවඳ විත්
කඳුළු මල් පිබිදූ දවස්
සුවඳ උතුරයි අද සිතේ
පැතුම් විල පිපි සියපතේ

පිපී හිනැහුනු දා එදා
මගේ සිත ඈතක ගියා
හිස් පැසත් සුරතේ රඳා
වනේ වන මල් ‍සොය සොයා

උණු සුසුම් ගිම්හානයේ
දකුණු සුල‍ඟේ දවටලා
පියුම් සුවඳක් සිහිනයේ
ගියා යන්තම් තවරලා

මගේ සියපත මල් විලේ
මා නමින් පිපිලා බලා
අතේ අතැඟිලි ලඟ රැඳී
හිතේ සුවඳක් හංගලා

-.-


On the day when the lotus bloomed, alas, my mind was straying, and I knew it not. My basket was empty and the flower remained unheeded.

Only now and again a sadness fell upon me, and I started up from my dream and felt a sweet trace of a strange fragrance in the south wind.

That vague sweetness made my heart ache with longing and it seemed to me that is was the eager breath of the summer seeking for its completion.

I knew not then that it was so near, that it was mine, and that this perfect sweetness had blossomed in the depth of my own heart.
.

16.2.10


(19)

නිහඬ වේ නම් මිහිරි ගී
ඔබේ මුවගින් සර නැගී
සවන පිරවු අම නදින්
පුරා ගමි මම මගේ හදවත
සදා සුන්දර නිහැඬියාවේ
සුවඳ ඔබ ගෙනෙනා
නිසලවී මම නෙත් යොමා
බලා ඉන්නෙමි සොඳුරු වුවනත
නිසල රැය මෙන් හිස නවා
බලා ඉන්නා ඉවසුමෙන්
තාරකා ඇස් නොපියවා

ගිලිහිලා මේ අඳුරු සළුපිලි
පිපෙණවා ඇත හිරු මල යලිත්
ඇසෙනවා ඇත ඔබේ ගී හඬ
කසුන් සර සේ විහිදිලා
ගලා හැලිලා
වලා සළු අතරින්
උදා හිරු
බැබලෙනා අහසේ
දිළුම් දී විසිරී

පියාපත් සොලවා නැගී
කුරුළු ගී වී මගේ ලෝකේ
පියාඹනු ඇත ඔබේ ගී නද
කැදැලි අතහැර පියා සලනා
සිඟිති සියොතුන් මුව රැඳී

පිපී නන්වන් මල් වෙලා
තුරු වදුලු මත මගේ ලෝකේ
සුවඳ විහිදා පැහැය පතුරා
සිනා සෙනු ඇති ඔබේ ගී තනු
ආදරේ මිහිරෙන් පිරී


-.-


If thou speakest not I will fill my heart with thy silence and endure it. I will keep still and wait like the night with starry vigil and its head bent low with patience.

The morning will surely come, the darkness will vanish, and thy voice pour down in golden streams breaking through the sky.

Then thy words will take wing in songs from every one of my birds’ nests, and thy melodies will break forth in flowers in all my forest groves.

.

(18)


අන්ධකාරයේ කළු පැහැය තවරමින්
මේ කුළු මතින් ඇතිරෙන මේ කුළු
මැකී යන හිරු එළිය වසා පොරවන අඳුර
කැටි කැටිව ගලාවිත්
විසිරෙයි මා හාත්පස
ගොර හඬින් මොර ගසන
හඬන්නට තතනන අහස යට
හුදකලාවී
දොරටුව අබියස
ඔබගේ කුටියේ
බලා හිඳිමි
මම තවමත්

දෙනෝ දහසක් මැද
කලබලයෙන් ගෙවුණු දහවල් දවස
සොරා ගති මසිත මොහොතකට දෙකකට
බලා ඉමි මම
ගලාඑන අඳුර මැද තනිව
දෝතින්ම මුවාකර
අසරණව නිවෙන්නට
සුසුම්ලන
බලාපොරොත්තුවේ
ප්‍රාර්ථනා
පහන් සිල

පතක් වී දෝ මම
වියලී කහ ගැසී
ගිම්හානයේ අග
සීතල සුලං රැලි අතැඟිලි
උගුළුවා මුදා හල
නොරැ‍ඳේද
කවදාවත් ඉතින්
ඔබේ ආදර දසුන
කඳුළු මත
මගේ නෙත

නොදන්නෙමි
නොදන්නෙමි කෙසේ නම්
රඳන්නෙම් දැයි මම
සුසුම් ලා
නිහඬ වන්නට තතනන
ඉකිබිඳින හද ගැස්ම

එබි එබී බලන්නෙමි
අඳුරු අහසේ
ඈතම ඈත කෙලවර වෙතට
යොමා මා නෙත්
ඔබම සොයමින් සරයි සිත
අඬා හැපෙමින්
ඉබාගාතේ දුවන
මාරුතය සමගින්
ඉකි ගසා වැලපි වැලපී

-.-


Clouds heap upon clouds and it darkens. Ah, love, why dost thou let me wait outside at the door all alone?

In the busy moments of the noontide work I am with the crowd, but on this dark lonely day it is only for thee that I hope.

If thou showest me not thy face, if thou leavest me wholly aside, I know not how I am to pass these long, rainy hours.

I keep gazing on the far-away gloom of the sky, and my heart wanders wailing with the restless wind.
.

8.2.10

(17)

රැය පුරා නිදි වරා බලා ඉන්නා සිඟිත්තෙක්මි මම
හෙමි හෙමින් පෙති විදා සිනාසී පිපෙන තුරු කඩුපුල
සඳ එළිය තරු කැකුළු මද සුලඟ නිනව් නැත
බලා හිඳිමි මම එලැඹෙන තුරු අවසාන නිමේෂය
මුදාලන ආදරය
මා ඔබේ දෝතට ...

ඉකි ගසා නැවතී නිහඬ වී නිද්‍රාවෙනි කාලය
දඟකාර සුලං රැලි වියලි තුරුපත්
විසුරුවා හැඩිකල ගෙමිදුලකි ජීවිතය
බලා හිඳින්නේ මම එලැඹෙන තුරුය අවසාන නිමේෂය
මුදාලන ආදරය
මා ඔබේ දෝතට ...

ගයති කොඳුරති මා වටා උහු ලෙලවති නීතියේ යදම් වැල්
තැත් කවති මා බැඳ දමන්නට සදාචාරයේ රැහැනින්
සැඟව යන්නෙමි මම මග හැර ඔවුන් රහසින්
බලා හිඳින්නේ මම එලැඹෙන තුරුය අවසාන නිමේෂය
මුදාලන ආදරය
මා ඔබේ දෝතට ...

රැවුම් ගැරහුම් ඇසෙයි චෝදනා අපමණය
නොසැලකිලි නිවටයෙකි මා දරදඬුවු ගල් සිතකි
නිසැකවම නිවැරදිය අනුමානයක් නොමැති මුත්
බලා හිඳින්නේ මම එලැඹෙන තුරුය අවසාන නිමේෂය
මුදාලන ආදරය
මා ඔබේ දෝතට ...

දිනය අවසන්ය ධාවනය නිමය තරඟ ධාවකයන්ගේ
නිෂ්ඵලව මා සොයා ආවෝ දුවන්නට තරඟයට
හිස් නවා ආපසු ඇදෙති වෛරයෙන් පුරවා සිත්
බලා හිඳිමි මම එලැඹෙන තුරු අවසාන නිමේෂය
මුදාලන ආදරය
මා ඔබේ දෝතට ...
-.-

I am only waiting for love to give myself up at last into his hands. That is why it is so late and why I have been guilty of such omissions.

They come with their laws and their codes to bind me fast; but I evade them ever, for I am only waiting for love to give myself up at last into his hands.

People blame me and call me heedless; I doubt not they are right in their blame.

The market day is over and work is all done for the busy. Those who came to call me in vain have gone back in anger. I am only waiting for love to give myself up at last into his hands.
.

6.2.10

(16)

වාසනාවත් වීමි මම ලබන්නට ඇරයුමක්
ජීවිතේ මහ විසල් සොඳුරු සැණකෙලි බිමට
නෙත් පුරා සිතුවම්ය
සවන් පිරි ගී වැල්ය
මිහිරි වස් දඬු හඬින්
හැඩ කලෙමි සැණකෙලිය

සිනා හඬ ප්‍රීතිමත් උච්ච සරයෙන් ගැයෙන
වි‍යෝ ගී කඳුළු මත හැඬවෙනා මඳ සරින
සෙනෙහසේ ඇඟිලි තුඩු පිරිමැදී සර කවුළු
සිනාසෙන පෙණ බුබුළු බිඳි බිඳී ගලායන
ඉමිහිරිම සර ගොතා වියූ ගෙත්තම් මගේ
වැයිමි මම දැහැන වැද මුසපත්ව ආදරෙන්

නැවුම් නො ඉඳුල් සුවඳ බි‍ඳෙන් බිඳ සිඳී යයි
රැඟුම් නැවතත් රැඟෙයි ගැයුම් නැවතත් ගැයෙයි
වයමි මම නැවුම් ලෙස නැවුම් නොවෙතත් තනුව
සිත හඬයි අසරණව කොඳුරමින් දුක්බරව

තව දුරද තව දුරද තව දුරද ඒ මොහොත
පිවිසෙන්න මුදා මා පා වහන් දෙවොල් දොරටුව තුලින්
දණ නවා වැඳ වැටී නෙත් කවුළු සනසන්න
ගලා එන ප්‍රේමයෙන් ඔබ නෙතින් ආදරෙන්
පුදන්නට දෙපාමුල මගේ නිසසල පිදුම
සිනහවේ මල් දමින් සරසවා
විරහවේ කඳුළු බිඳුවෙන් දොවා
ආදරේ සුවඳ පැන්
සුවඳ දුම් සුවඳ කල
මා වැයූ සොඳුරුතම ගීය
ජීවිතය.
-.-

I have had my invitation to this world's festival, and thus my life has been blessed. My eyes have seen and my ears have heard.

It was my part at this feast to play upon my instrument, and I have done all I could.
Now, I ask, has the time come at last when I may go in and see thy face and offer thee my silent salutation?
-

2.2.10

(15)

මේ විසල් දෙවොල් බිම අගුපිලක කෙලවරක
මද අඳුර මැද සැඟව ගයමි මම ජීවිතය

මදනලෙහි අග රැඳුන ඔය සිඟිති රැලි පොඩිති
සිනා ගන්වන්නේ මමයි දෙවොල් බිම සරසන්න

රෑ අහස තරු කැකුළු ඉඟි මරන රිද්මයේ
රහස මගෙ ගීතයයි ඔබ නමින් මා ගයන

ජීවිතය විකසිතව ගීතයේ ස්වර වෙයි
මිදී යයි අනායාසයෙන්
පාව යනු මිස ගීතයක් වී
දෙවොල් බිම සිසාරා
නොමැත අන් අරමුණක්
මේ දුබල දුහුවිලි බිඳට

තරු නිදන සඳ නොමැති රෑ
අඳුරු දෙවොලේ
නිහඬ මැදියම් වන්දනාවේ
මොහොතෙදීවත් සන් කරනු මැන මට
නැගෙන්නට රැ‍ඳෙන්නට
ගයන්නට ඔබ අසල

පිරිමැදී හිමිදිරි මද නලින්
සර නැගෙන කල ස්වර්ණ වීණාවේ තත්
සන් කරනු මැන මේ දුහුවිලි බිඳට
නැගෙන්නට රැඳෙන්නට
ඔබේ සුසුදු වූ දෙපාමුල
ඉපිල යන්නට ඒ මාධූර්යයෙන්
-.-


I am here to sing thee songs. In this hall of thine I have a corner seat.

In thy world I have no work to do; my useless life can only break out in tunes without a purpose.

When the hour strikes for thy silent worship at the dark temple of midnight, command me, my master, to stand before thee to sing.

When in the morning air the golden harp is tuned, honour me, commanding my presence.
-